Breaking News
Home / දේශීය පුවත් / ඇමතිකමේ වැඩ බාරගෙන දවසෙන් පොලිස් නි. ඇමති නලින් බණ්ඩාර FCID යට. නැව් ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් දීමට යයි

ඇමතිකමේ වැඩ බාරගෙන දවසෙන් පොලිස් නි. ඇමති නලින් බණ්ඩාර FCID යට. නැව් ගනුදෙනුවක් ගැන ප්‍රකාශයක් දීමට යයි

>පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් සිලෝන් බී‍්‍රෆ් සහ සිලෝන් ප්‍රින්සස් යන නෞකා දෙක මිලදී ගන්නා අවස්ථාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

මීට පෙර තමන් විසින් සිදුකළ පැමිණිල්ලකට අදාළව අද දින ප්‍රකාශය ලබාදීම සඳහා පැමිණි බවයි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

නැව් සංස්ථාවේ හිටපු සභාපතිවරයා, වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයා ඇතුළු පසුගිය රජයේ හිටපු රාජ්‍ය නිලධාරින් කිහිපදෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

About lanka

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!