Breaking News
Home / ක්‍රිඩා / ඇන්ජලෝ සහ ලොකු කුසල් නිදහස් කුසලානෙට කණ්ඩායමට එන්න යද්දී අමාරු කාලේ ගොඩ දාපු තවත් ප්‍රබලයෙක්ට තැන අහිමිවෙයි

ඇන්ජලෝ සහ ලොකු කුසල් නිදහස් කුසලානෙට කණ්ඩායමට එන්න යද්දී අමාරු කාලේ ගොඩ දාපු තවත් ප්‍රබලයෙක්ට තැන අහිමිවෙයි

Image result for angelo mathews kusal janith

බංගලාදේශය – ඉන්දියාව – ශ‍්‍රී ලංකාව අතර මාර්තු මාසයේ පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලියට ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන්ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්නගේ සහභාගීත්වය අවිනිශ්චිත බව වාර්තා වෙයි

නිමාවුණු බංගලාදේශ විස්සයි විස්ස තරගාවලියට පෙර පැවැති පුහුණුවීම් වලදී අසේල උරහිසේ අබාධයකට ලක්වූ අතර ඒ හේතුවෙන් අසේලට බංගලාදේශය සමග පැවැති විස්සිය විස්ස තරගාවලියද අහිමිවිය

මීට පෙර ඉන්දියාව සමග ලංකාවේදි පැවැති ටෙස්ට් තරගාවලියේදි අසේල අබාධයකට ලක්වූ අතර ඔහු නැවත ක‍්‍රිකට් පිටියට පැමිණියේ මාස 05කින් පසුවයි.

මේ අතර බංගලාදේශ තරගාවලියේ දෙවැනි තරගයේ අබාධයට ලක්වූ ශෙහාන් මධුෂංකටද නිදහස් තරගාවලිය අහිවි වී ඇත

Image result for angelo mathews kusal janith

මීට අමතරව අබාධයන්ට ලක්ව සිටි නායක ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් පෙරේරා,දුෂ්මන්ත චමීර හා නුවන් ප‍්‍රදීප් සදුදා දිනයේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂන සදහා සහභාගී වන බවත් වාර්තා වෙයි.

නිදහස් කුසලාන තරගාවලිය මාර්තු මස 06 වැනිදා ආරම්භ වන අතර පළමු තරගය ශ‍්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර ආර්.පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!