Breaking News
Home / ක්‍රිඩා / ඇන්ජලෝ තම මිතුරා අවිෂ්කගේත් කළමනාකරු කරයි

ඇන්ජලෝ තම මිතුරා අවිෂ්කගේත් කළමනාකරු කරයි

මෙරට යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන් සමාජජාලා මාධ්‍ය භාවිතයට හා ජංගම දුරකථන භාවිතයට ඇබ්බැහි වීම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට ඉතා අහිතකර ලෙස බලපාන බව කලක පටන් කතාබහට ලක්ව තිබෙනා කරුණක්. විශේෂයෙන්ම ආරම්භයේදි ඉතා දක්ෂතා දැක්වූ යොවුන් ක්‍රීඩකයන් ජනප්‍රිය වූ පසු සමාජජාලා මාධ්‍යයන්ට ඇබ්බැහි වීමෙන් ඔවුන්ගේ දක්ෂතාවන්හි පසුබෑමක් තිබෙනා බවටද චෝදනා එල්ල වේ. ආරම්භයේදි ඉතා ඉහළ දක්ෂතා දැක්වූ නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි ක්‍රීඩකයන්ද මෙම ඉරණමට මුහුණ දුන් ක්‍රීඩකයන් ලෙසට කතාබහට ලක්වේ.

මේ අතර පසුගිය ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ශතකයක් ලබා ගෙන සමාජජාලා මාධ්‍යයන්හි දැඩි ලෙස ජනප්‍රිය වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු ට්විටර් ගිණුමක් සාදාගෙන ට්විටර් සමාජජාලා වෙබ් අඩවියට ප්‍රවිශ්ඨ වී තිබෙනවා.

එහිදී ඔහු හඳුන්වා දෙමින් ප්‍රථම පළ කිරීම සිදු කර ඇත්තේ හිටපු නායක සහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක ආන්ජලෝ මැතිවුස් විසින් වීම විශේෂත්වයකි. එහිදී ඇන්ජලෝ මැතිවුස් තරුණියන්ට පවසා තිබුනේ අවිශ්ක ප්‍රනාන්දු ටිවිටරය පැමිණි බවත්, තරුණියන් ඔහු සමග තදින් කටයුතු නොකළ යුතු බවත් ය.

මැතිවුස්ගේ ට්විටර් පණිවිඩය ක්‍රිකට් රසිකයන්ගේ විවේචනයට ලක් වූ අතර ඉන්පසුව මැතිවුස් විසින් එම ට්විටර් පණිවිඩය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබුනා. දෙදිනක් තුල පමණක් අවිශ්ක ප්‍රනාන්දුගේ ට්විටර් ගිණුමට අනුගාමිකයන් 2000කට අධික පිරිසක් එක්වී තිබේ.

අවිශ්ක ප්‍රනාන්දුගේ කළමණාකරුවා ලෙස පත්ව ඇත්තේද මින්පෙර සිට කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලකගේද කළමණාකරු වශයෙන් කටයුතු කරනා, ඇන්ජලො මැතිවුස්ගේ සමීප මිතුරෙක් හා ව්‍යාපාරික සහකරුවෙක් වන අසංක විජේවර්ධනය. යොවුන් ක්‍රීඩකයන් දුරාචාරයට හුරු කර ඔවුන්ගේ ක්‍රීඩා දිවි‍ය විනාශ කරනවා යැයි මෙම කළමණාකරුටද පසුගිය දිනවල දිගින් දිගටම චෝදනා එල්ල විය.

අසංක විජේවර්ධන කළමණාකරු ලෙස කටයුතු කළ කුසල් මෙන්ඩිස් හා ධනුෂ්ක ගුණතිලක ආරම්භයේදි සුපිරි දස්කම් දැක්වූ නමුත් පසුකාලීනව ඔවුන්ගේ දක්ෂතා සීග්‍රයෙන් පහළ යෑම බොහෝ දෙනාගේ විමතියට හේතු විය. ධනුෂ්ක ගුණතිලකට දැඩි විනය චෝදනා ද එල්ල වූ අතර පසුවශු කණ්ඩායමෙන් විසි විය. විශේෂයෙන්ම ධනුෂ්ක ඇතුලු යොවුන් ක්‍රීඩකයන් කිහිපදෙනෙක් මත්පැන්, රාත්‍රී සමාජ ශාලා හා ජංගම දුරකථන හා සමාජ ජාලා වෙබ් අඩවි ඇබ්බැහියකට ලක්ව ඇතැයි මාධ්‍යයෙන් හා රසිකයන්ගෙන් දිගින් දිගටම ඔවුන්ට චෝදනා එල්ල විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂයන් බිහිවුවත් ක්‍රීඩකයන් නිසි ලෙස කළමනාකරණය නොවන බව ජෙෂ්ටයන් මෙන්ම ලංකාවේ නුතන ක්‍රිකට් වල පියා ලෙස සලක අර්ජුනද පවසනවා. ඒ 2010 ට පෙර ක්‍රීඩකයන්ට පුද්ගලික කළමනාකරුවන් නොසිටි අතර නායකයා කණ්ඩායම් කළමනාකරු යන අය තම ක්‍රීඩකයන්ගේ විනය දැඩි ලෙස අවධානයෙන් සිටියේය. නමුත් පුද්ගලික කළමනාකරුවන්ගේ ශාපය අප රටට ගෙන ඒමේ චෝදනාව ලැබී තිබෙන්නේ සංගා සහා මහේලටයි.

ඔවුන් දෙදෙනාගේ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් ඔවුන් බාවිතා කලත් පසුව එම ක්‍රමය මාෆියාවක් බවට පත්වී ලංකාවේ ක්‍රිකට් විනාශ වමට හේතුවක් වූ බව නොරහසක්. මහේල මෑතකදී ඇන්ජලොට චෝදනා කල අතර ඔහු පැවසුවේ ඔහු දක්වා නායකයින් පිටස්තරයින්ට පැමිණීමට ඉඩ නොදී දැඩි ලෙස සිටියත් ඇන්ජලෝ කණ්ඩායමට ඇගිලි ගැසීමට සියල්ලට ඉඩ දුන් නිසා අද වන විට ක්‍රිකට් අනාත වී ගිය බවයි. ඇන්ජලෝ දැඩි ලෙස කෙලින් සිටියානම් අදත් නායකයා ඔහු බව මහේල පවසා සිටියා.

තවද පුද්ගලික කළමනාකරුවන් හා කළමනාකරුවන් අතරද දැඩි තරගයක් හා විරසකයක් ඇති අතර සමාජ ජාලා හා වෙබ් අඩවි වල මඩ ගැසීමට හා පිම්බීමට මෙම මාෆියා කල්ලි මුදල් වියදම් කරයි. කෙසේ වෙතත් අවිශ්කව අසංක නම් කළමනාකරු දිනා ගැනීම ගැන අප රටේ ජාතික රේඩියෝ නාලිකාවක වෙබ් අඩවියකින් මෙම හෙළිදරව්ව කර ඇති අතර ඔවුන්ද වෙනත් කලමනරුවකුගේ කොන්තරත්තුවක් මත මෙය හෙලිකලා විය හැක. කෙසේ වෙතත් කුමන පුද්ගලයා කලත් මේ කළමනාකරණ මාෆියාවෙන් රටට දක්ෂයන් නැතිවී යන බව පැහැදිලි අතර 2023 ලෝක කුසලානය වන විටවත් ක්‍රිකට් පරිපාලනයේ දැඩි පෙරලියක් නොකළහොත් සිම්බාබ්වේ ක්‍රිකට් වලට සිදු වූ දේ වීම අනිවාර්ය වේ.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!