Breaking News
Home / දේශීය පුවත් / ඇතා පහර දී දැඩි සත්කාර ඒකකයේ සිටි බෙල්ලන්විල විමලරතන මහානාහිමි අපවත් වෙති.

ඇතා පහර දී දැඩි සත්කාර ඒකකයේ සිටි බෙල්ලන්විල විමලරතන මහානාහිමි අපවත් වෙති.

Image result for bellanwila wimalarathana thero

බෙල්ලන්විල විමලරතන මහානාහිමියන් අද (3) උදෑසන අපවත්වී තිබෙනවා. ඒ ඊයේ(2) විහාරයේ ඇතාට ආහාර දීමට ගොස් ඇතා කෝපවී පහරදීමෙන් වූ අනතුරෙන්. උන්වහන්සේව ඇතා ඔසවා අතහැර ඇති අතර එහිදි ඇතාගේ දළ වැදී ඇත.

Image result for bellanwila wimalarathana thero

විමලරතන හිමියන්ගේ ඉල ඇට දෙකකට හානි සිදුවී උරහිස තුවාල වී තිබූ අතර උන්වහන්සේ කළුබොවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර සවස පුද්ගලික රෝහලකට මාරු කර යවා තිබුනා. උන්වහන්සේ බැලීමට ගිය ඒකාබද්ධ විපක්ෂේ බන්දුල ගුනවර්ධන හා පොදුජන පෙරමුණට සහයෝගය දක්වන හෙදි සංගමේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ එතරම් බරපතල තත්වයක් උන් වහන්සේට නොමැති බවයි. එහෙත් අද වන විට උන්වහන්සේ අපවත්වී ඇති බවයි සංවේගයෙන් දැනගැනීමට සිදුවූයේ.

විමලරතන හිමි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති වන අතර මීට මාස කිහිපයකට පෙර දෛවෝපගත ලෙස මිය යන තුරු මහානායකකම් වල සිටිය යුතු නැතියයි කියමින් තනතුරු වලින් ඉල්ලා අස්විය. එය උන්වහන්සේට කල් තියා පෙන්නුම් කලදැයි සිතෙන දෛවෝපගත සිදුවීමකි.

About article14

Check Also

රෝ සංවිධානයේ ජනාධිපති සිරිසේන ඝාතනය කතාවේ පුවත්පත් වාර්තා හා දෙරටේ ඇයි හොදයිය රැකගන්න රනිල් ඉන්දීය ආරක්ෂක ප්‍රධානින් හමුවෙන්න ඉන්දියා යයි

ඉන්දිය රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානය තමන් ඝාතනය කරන්නට කුමන්ත්‍රණය කරන බවට ජනාධිපති මෛත්‍රිපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!