Breaking News
Home / ක්‍රිඩා / ආර්ජන්ටිනාවට වඩා ප්‍රංශයේ ආරක්ෂක වැට ප්‍රභල නිසා ආර්ජන්ටිනාව ලෝක කුසලානයට ආයුබෝවන් කියයි. ලොව වටිනාම ක්‍රීඩකයා මෙසී ක්‍රීඩාවෙන් සමුගයි

ආර්ජන්ටිනාවට වඩා ප්‍රංශයේ ආරක්ෂක වැට ප්‍රභල නිසා ආර්ජන්ටිනාව ලෝක කුසලානයට ආයුබෝවන් කියයි. ලොව වටිනාම ක්‍රීඩකයා මෙසී ක්‍රීඩාවෙන් සමුගයි

සුපිරි 16 වටය අරභමින් පැවති ප්‍රංශය හා ආර්ජන්ටිනා අතර තරගය අද (30) පළමු තරගය ලෙස පැවැත්වූ අතර 4-3 ලෙස තරගය ජය ගන්නට ප්‍රංශය සමත වුනා.

මුලින්ම 13 වන විනාඩියේදී ප්‍රංශය ගෝලයක් ලබා ගත අතර 41 වන විනාඩියේදී ආර්ජන්ටිනාව තරගය සම කරගෙන පළමු භාගය නිමා කරගත්තා. එහෙත් දෙවන භාගයේ 48 වන මිනිත්තුවේ ආර්ජන්ටිනාව ගෝලයක් ලබාගෙන තරගය තමන් අතට ගත්තා.

ඉන් විනාඩි 9 ක් යන තැන 57 වන මිනිත්තුවේ පවාර්ඩ් ලබා ගත් සුපිරි ගෝලයක් නිසා තරගය නැවත සම වුනා. පසුව නැවත ප්‍රංශය 64 විනාඩියේ ප්‍රංශ සුපිරි ක්‍රීඩකයකු වන පෙපෙ ලබාගත් ගොලය නිසා ප්‍රංශය ඉදිරියට ඇවිත් ඔහු විසින්ම 68 වන මිනිත්තුවේ ලබාගත් ගෝලය සමග ආර්ජන්ටිනාවේ බලාපොරොත්තු බිද දැමුවා.

එහෙත් ආර්ජන්ටිනාව විනාඩි 90 අවසන් වී අවසන් මොහොතේ අමතර කාලයේදී 93 වන විනාඩියේ ගෝලයක් ලබාගෙන අවසාන තප්පර කිහිපයේ ගෝල උත්සහයක් කලත් එය සාර්ථක නොවූ නිසා තරගය පරාජය වනවා.

Image result for france vs argentina

තරගය දැඩි තරගකාරී හා උණුසුම් තරගයක් වූ අතර අවසන් මිනිත්තු කිහිපයේ පිටිය මැද කලහාකාරී තත්වයක්ද නිර්මාණය වීමට ගියා. කෙසේ වෙතත් ආර්ජන්ටිනාවේ තරගාවලිය පුරා දුටු දුර්වල ආරක්ෂක උපක්‍රම අද ඉතා දුර්වල ලෙස දැකගත හැකිවුනා.
.
කිහිප වතාවක්ම ප්‍රංශ දල ආක්‍රමණයට උත්සහා කලත් ඒ හැමවතාවකම දැඩි ආරක්ෂක වළල්ලක් ප්‍රංශය දුන් අතර ආර්ජන්ටිනාව අසරණ වුවා.

Image result for france vs argentina

ලොව වර්තමානයේ වටිනාම ක්‍රීඩකයා ලෙස සලකන 31 වන වියේ පසුවල ලියෝනල් මෙසී මේ තරගයෙන් පසු ක්‍රීඩාවෙන් සමුගනු ඇතැයි විචාරකයන් පවසනවා. ඒ නැවත ලෝක කුසලානයක් වන විට 35 වන වියේ පසුවන නිසා. එහෙත් ඒ පිළිබද නිල වාර්තාවක් සදහන් වන්නේ නැ. නැවත ඔහුට ලෝක කුසලානයක් ක්‍රීඩා කල නොහැකි වුවත් නැතත් ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරනවාද යන්න තවමත් වාර්තා වන්නේ නැ.

මෙසී යනු ලොව වටිනාම ක්‍රීඩකයෙක් වන අතර ඔහු පළමු ලෝක කුසලානයට සහභාගී වන්නේ 2006 දී. ඔහු ලෝක කුසලාන 4 කදී ගෝල 6 ක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා. මෙසී ආර්ජන්ටිනාවට හා බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ගෝල 600 ක් හා ජිවිතයේ ගෝල 747 ලබා ඇති බවයි අන්තර්ජාලය වාර්තා කරන්නේ.

තරගයේ විශේෂ අවස්ථා

About article14

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!