Breaking News
Home / දේශීය පුවත් / ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

ආරක්ෂක අංශ සාමන්‍ය ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් වලින් 75% ක් මේ රජය නිදහස් කල බව දෙමල සන්ධානයෙන් සහතිකයක්

යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම තම අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ (15) පෙරවරුවේ යාපනයේ මයිලඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කරලීමේ උත්සවයට එක්වෙමින් පැවසුවේය.

යාපනය නගරාධිපති තුමා සමඟ එක්වී යාපනය නව නගරය සැලසුම් කොට ඉදිකිරීමට දැන් මූලික පියවර ගෙන ඇති බවද වික්‍රමසිංහ මහතා මෙහිදී හෙලි කළේය. මිලියන 150 ක් වැය කරමින් මයිලඩි ධීවර වරායේ පළමු අධියර නිමකොට ජනතා අයිතියට පත්කිරීමට හැකි වූ බවත් ඉදිරියේදී උතුරේ ධීවර කටයුතුවල නිරත ජනතාව නවීන තාක්‍ෂණයට හුරු කිරීමටත් එම ජනතාවට රක්‍ෂණාවරණයක් හඳුන්වාදීමටත් මත්ස්‍ය ආහාර සඳහා පොදු මිලක් ලබාදීමටත් කටයුතු කරන බව පැවසීය.

පසුගිය රජය නීතිවිරෝධි ලෙස පොදු ජනතාවගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගත්තද වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් හිමිකරුවන් වෙත නිදහස් කරදීමට පියවර ගත් බවත් එහිදි අදහස් දැක්වූ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් පැවසුවාය.

මෙහිදි අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ මයිලඩි ධීවර වරායේ පළමු අදියරේ වැඩකටයුතු වසරක් තුළ නිමකොට ජනතා අයිතියට පත්කිරීමට මූලික වී ක්‍රියා කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජයට තම ස්තුතිය පළකර සිටින බවයි.

උතුරු පළාතේ ආරක්‍ෂක අංශ විසින් අත්පත් කරගෙන තිබෙන ඉඩම්වලින් 75% ක්ම මේ වන විට පොදු ජනතාවට නිදහස් කර දී තිබෙන බවත් ඉතිරි ප්‍රමාණය නිදහස් කරදීමට රජය පියවර ගනිමින් සිටින බවත් මාවෙයි සේනාධිරාජා වැඩිදුරටත් පැවසීය.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!