Breaking News
Home / දේශීය පුවත් / ආබාදේ තිබුනට කොහොමහරි ගහලා දෙන්නම් කියලා අසේල උදේ කිව්වලු

ආබාදේ තිබුනට කොහොමහරි ගහලා දෙන්නම් කියලා අසේල උදේ කිව්වලු

ශ්‍රී ලංකා කන්ඩායම වැඩිම ලකුණු ගනනක් හබාගොස් ජයග්‍රහනය කල තරගය ලෙස සිම්බාබ්වේ තරගය සදහන් වනවා. 391/6 යනු ශ්‍රී ලංකාව තුල වැඩිම හබා යාම ආසියාවේ වැඩිම හබායාම සහ ලෝකයේ පස්වන වැඩිම හබාගොස් ජයග්‍රනය ලෙස මෙම තරගය ඉතිහාස ගත වනවා. එහිදී හතරවන ඉනිමේ අසේල ගුනරත්න 80 නොදැවී ලබාගෙන පීඩනය දරා ගනිමින් ක්‍රීඩාකල අතර දික්වැල්ල ලකුනු 81 ක් ලබාගෙන ඉතා හොද ස්ථානයකට ලංකාව රැගෙන ආවා.

තරගයේ වීරයා අසේල වූ අතර ඔහු කියා සිටියේ ආබාදේ තිබුනට කොහොමහරි ගහලා දෙන්නම් කියලා අසේල උදේ ටීම් එකට කියා අධිෂ්ඨානයෙන් පිටියට ආවා යනුවෙන් පැවසුවා.

රංගන හේරත් කඩුලු 11 දවාගත් අතර ඔහු තරගාවලි වීරයයි. කඩුලු 10 බැගින් ලබාගත් 8 වන අවස්ථාවයි.

විශේෂයෙන් අසේල පිලිබද යමක් පැවසිය යුතුයි. ඉතා සාමාන්‍ය පවුලක ස්ථානයක සිට හමුදා සේවය නිසාවෙන්ම ජාතික තලයේ ක්‍රිකට් වලට පැමින වසර ගනනාවක් යුධ හමුදා කන්ඩායමේ නායකයා ලෙස අවස්ථාව ලැබෙනකම් සිට ලද අවස්ථාවෙන් උපරිම දක්ෂතා අතරට ආ ක්‍රිඩකයෙකි. ඔහුට වයස 20 න් 22 න් කන්ඩායමට පැමිනීමේ හැකියාවක් තිබුනේ නම් ඔහු අද නායකයා වනු නිසකය. එතරම් ඔහුට පීඩනය දරාගැනීමේ හැකියාවක් ඇත. එදා මෙදා තුර ජාතියක් ලෙස ඉතා ඉක්මනින් කඩා වැටෙන ලක්ෂන පෙන්වන අප සහ කන්ඩායමේ අනෙක් ක්‍රීඩකයන්ද මොහුහෙන් පීඩනය දරාගැනීමේ හැකියාව උගත යුතුය. ඕස්ට්‍රේලියා කන්ඩායමේ ක්‍රිඩකයන්ගේ පීඩනය නොතකන ලක්ෂ අප එදා මෙදා තුර දුටුවේ අසේලගෙන් පමනි. අප ඔහුට හද පතුලෙන් සුභ පතමු තව වසර ගනනාවක් කන්ඩායමේ අනෙක් අයටද මේ ලක්ෂන හුරු කරමින් යම් දිනක නායකත්වය පවා දැරීමට හැකියාව ලැබෙන්න කියා.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!