Breaking News
Home / දේශීය පුවත් / ආනවිලුන්දාව හෙළිකළේ ඇමති සනත් නිශාන්තගේ සහෝදරයාගේ කොන්ත්‍රාත්තුවකට බව වාර්තාවේ කියයි

ආනවිලුන්දාව හෙළිකළේ ඇමති සනත් නිශාන්තගේ සහෝදරයාගේ කොන්ත්‍රාත්තුවකට බව වාර්තාවේ කියයි

පුත්තලම ආනවිලුන්දාව රැම්සා රක්‍ෂිත ප්‍රදේශයේ එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් පත් කරන ලද කන්ද පරීක්‍ෂණ කණ්ඩායමේ විමර්ශන වාර්තාව එළිදක්වා තිබේ.

එම වාර්තාව විෂය භාර අමාත්‍ය සීබී රත්නායක මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභා ගත කරන ලදී.

අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම වන විනාශයට ප්‍රධාන සැකකරැවකු ලෙස ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා වන ජගත් සමන්ත හදුනාගත් බවයි.

එම වාර්තාවේ සදහන් වන ආකාරයට පොලිසියට ලබා දුන් කට උත්තරයේ පැහැදිලි වන්නේ එම කොන්තරාත්තුව ලබා දී ඇත්තේ වර්ණකුලසුරිය නිශාන්ත ප්‍රනාන්දු යන අය බව පැහැදිලි බවයි. එසේම ඔහු එය කර ඇත්තේ හිටපු ප්‍රාදේශීය සභා සභාපතිගේ ඉල්ලීමකට අනුව නිශාන්ත ප්‍රනාන්දුගේ කට උත්තරයේ ඇති බව වාර්තාවේ සදහන් වනවා.

Lankacnews

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!