Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු සතුටු කරන්න තව වාහනයක් කාර්යාල දීමනාවක් හා 75000 ක් දෙන්න යයි. මෙන්න දැනටත් ලැබෙන පැකේජය. බදු අනිවාරෙන් ගෙවමු!

ආණ්ඩු පක්ෂේ මන්ත්‍රීවරු සතුටු කරන්න තව වාහනයක් කාර්යාල දීමනාවක් හා 75000 ක් දෙන්න යයි. මෙන්න දැනටත් ලැබෙන පැකේජය. බදු අනිවාරෙන් ගෙවමු!

ආණ්ඩු පක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරුන්ට දැනට ලැබෙන වැටුප් හා සියළු දීමනා වලට අමතරව තවත් රුපියල් ලක්ෂ 03 කට අධික සහන පැකේජයක් ලබා දීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වෙනවා. අමාත්‍යංශවල අධීක්ෂණ පදවි ලබාදී දැනට ලැබෙන වැටුප් හා සියළු දීමනා වලට අමතරව මෙම දීමනා ලබා දීමට තීරණය කර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට එක්සත් ජාතික පක්ෂ නායකත්වයට එරෙහිව පසු පෙළ මන්ත්‍රීවරුන්ගෙන් ආණ්ඩුවට එල්ලවන පීඩනය අවම කරගැනීමේ අරමුණින් මෙම සහන පැකේජය සැලසුම් කර ඇති බවයි එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහක්සෑ වන්නේ. ඒ අනුව සෑම මන්ත්‍රීවරයෙකුටම අමතර වාහනයක්, කාර්යාලයක් සමඟ මාසිකව රුපියල් 75,000 ක අමතර දීමනාවක් ලබා දීමට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි සඳහන් වන්නේ.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මසකට රුපියල් 54,000 ක වැටුපක් හිමිවන අතර කාර්යාලයක් නඩත්තු කිරීම සහ සේවක දීමනා සඳහා තවත් රුපියල් ලක්ෂයක දීමනාවක් හිමිවනවා. මීට අමතරව ලිපි ද්‍රව්‍ය සඳහා මාසිකව රුපියල් 6000 ක් ලැබෙන අතර දුරකතන දීමනාව ලෙස මාසිකව රුපියල් 50,000 ක දීමනාවක්ද හිමි වනවා.

එසේම මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයක් ලැබී නොමැතිනම් තවත් රුපියල් 50,000 ක මුදලක් හිමි වන අතර සෑම මන්ත්‍රීවරයෙකුටම පදිංචි දුර ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක්ද හිමිවනවා.

මිට අමතරව කාර්යාලයට දුරකථන කාර්ය මණ්ඩලයට වැටුප් හා වාහන හා දුරකථන ලැබෙන අතර රියදුරන් හා අමතර වාහන වලට ඉන්දන ආරක්ෂාව වැනි දේ ගත් විට එක පුද්ගලයකුගේ නඩත්තුවට අවම කෝටියක්වත් යනු ඇති.

මෙය 225 න් වැඩි කල විට කෝටි 225 ක් පට්ට බුද්ධිමත් ජනයාගෙන් අමාරුවෙන් කන බොන එකෙන් එකතු කරගන්නා බදු සල්ලි සුද්දන් මෙන් අගට පතට නොදැනී වියදම් කරයි.

මේවා ආසන්න ගණන් මිනුම් වන අතර දිනක පාර්ලිමේන්තුවේ වියදම කෝටියක් පමණ වෙයි. මසකට දින දහයක් පාර්ලිමේන්තුව රැස්කළහොත් තව කෝටි 10 ක් යන අතර පාර්ලිමේන්තුවට අදාළ සේවකයන්ගේ පඩිනඩි වාහන දීමනා ගත් විට මේ දේශපාලන ක්ෂේතය වෙනුවෙන් මසකට නිකරුනේ නැවත ආපසු ප්‍රතිලාබයක් නොලැබෙන මුදල් කන්දරාව කෝටි 500 කට වඩා වැඩි මිසක් අඩුවන්නේ නැත.

එය වසරකට කෝටි 6000 කි. එනම් ලක්ෂ හය ලක්ෂයකි. බිලියන 60 කි. මේ ජාතික අපරාධයෙන් වසරකට ප්‍රවාහනය දියුණු කරන්න කෝටිය ගානේ සුපිරි බස් 6000 ක් ගෙනත් සුපිරි ප්‍රවාහන සේවයක් ආරම්භ කළහැකි. එහෙත් එය හීනයක්ම පමණක් වන්නේ රටේ ජනයා මේ ගණන් හිලව් හදාගෙන වෙන අපරාධය ගැන වටහාගන්නවත් බුද්දියක් නොමැති අමන ජාතියක් බවට පත්වීමයි.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!