Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුව සලකන්නේ නැ අපේ අය උත්තර අහන්නේ මගෙන්. මන් දැන් වැරදිකාරයා වෙලා – දයාසිරි

ආණ්ඩුව සලකන්නේ නැ අපේ අය උත්තර අහන්නේ මගෙන්. මන් දැන් වැරදිකාරයා වෙලා – දයාසිරි

වත්මන් ආණ්ඩුවේ පාර්ශව කරුවකු ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැඩි කලකිරීමකින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

සිරස රූපවාහිනිය සමඟ පවතී ඉලක්කය සාකච්ඡාවක දී ඒ මහතා මේ බව සඳහන් කළේය.

මැතිවරණ ජයග‍්‍රහණයන්ට දායක වූ අය ලෙස නිදහස් පාක්ෂිකයන්ට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට සංවිධායකයන්ට ලැබිය යුතු ගරුත්වය මෙම ආණ්ඩුව මඟින් නොලැබෙන බවත් ඔහු පැවසීය.

එමෙන්ම ‍රජයේ ප්‍රතිපාදන වලින් නිදහස් පක්ෂ මහජන නියෝජිතයන්ට ලැබිය යුතු ශක්තිය නොලැබෙන බවද ඔහු කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් තමන්ට විශාල කනගාටුවක් ඇති බවත් මේ සියලු ප්‍රශ්න වලට අවසානයේ වරදකරු බවට පත් වෙන්නේ තමන් බවත් වරදකරු වී ඇත්තේද තමන් බවත් ඔහු එහිදී පැවසීය.

තමන්ගෙන් මෙම ප්‍රශ්න ගැන පක්ෂයේ පිරිස් විමසද්දී දීමට උත්තර නැතිව යන බවත් පැවසූ ඔහු ඒ නිසා හැකි ඉක්මනින් මෙම ගැටලු විසඳාගත යුතු බවත් සඳහන් කළේය.

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!