Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුවේ ආයතන 45 ක ඇමති වන සිරිසේන පිලිපීන සංචාරයට රජයෙන් මාරපන හැර කිසිවෙක් ගෙන ගොස් නැ. ගිවිසුම් අත්සන් කරන්න ඇමතිලා නැ. විපක්ෂ රෑනකට සැප

ආණ්ඩුවේ ආයතන 45 ක ඇමති වන සිරිසේන පිලිපීන සංචාරයට රජයෙන් මාරපන හැර කිසිවෙක් ගෙන ගොස් නැ. ගිවිසුම් අත්සන් කරන්න ඇමතිලා නැ. විපක්ෂ රෑනකට සැප

මින් පෙර ශ්‍රී ලංකාවේ බිහිවූ කිසිම ජනාධිපතිවරයකු නොකළ අන්දම්මේ පහත් හා වගකීම් රහිත දෙකයි පනහේ ක්‍රියාවක් සිරිසේන ජනාධිපති විසින් කර ඇති බවයි සදහන් වන්නේ. ඒ මෛත්‍රී රාජ්‍යතාන්ත්‍රික භාවය අමු අමුවේ කඩා දමා ඇති බවයි වාර්තා වන්නේ.පිලිපීන සංචාරයේ යෙදෙන මොහු මෙම සංචාරයට විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් රැගෙන ගොස් ඇති බවත් රජයෙන් විදෙස් ඇමති පමණක් ගොස් ඇති බවද සදහන්.

බහුතරය ඔහුට දැන් අප්‍රමාන ලෙස හිතවත් වී ඇති විපක්ෂ රෑනක් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.විවිධ ක්ෂේත්‍ර සදහා ද්විපාර්ශවික ගිවිසුම් අත්සන් කිරීමට පවා අදාළ ඇමැතිවරු හෝ අමාත්‍යාංශ ලේකම්වරු මෙම පුද්ගලයා ගෙන ගොස් නෑ.එකල මහින්දගේ සට්ටමියන්වී අද සිරිසේනට වැසිකිලියට යාමට පවා දැන් සරම උස්සන බදුල්ල දිස්ත්‍රික්කයේ අඩුම තරමේ පාලමක්වත් හදා නැති සිරිසේනට පන්දම් අල්ලා තම පියා වන මාර්ෂල් පෙරේරා ආණ්ඩුකාරයෙක් කරගත් ඩිලාන් පෙරේරා සහ මොන්ටිසෝරියක සංකල්පයක්වත් සාදාගත නොහැකි යහපාලනය නිසා ඇමතියෙක්වූ මොලය අවුලක් නැති මුතුහෙට්ටි සහ ලසන්ත අලගියවන්න වැනි විපක්ෂ කණ්ඩායම් මොහු ගෙන ගොස් ඇත.

ආණ්ඩුවේ ආයතන 45 ක පාලකයා වන සිරිසේන විධායක බලතල අතිශය බරපතල ලෙස බුක්තිවිදිමින් සිටින බවයි දේශපාලන විචාරකයන් අනතුරු අගවන්නේ. තවත් මාස දෙක තුනක් ඇතුලත මුදල් ඇමතිකම නොලැබීමේ අවුලෙන් සිටින හිටපු මුදල් ඇමතියෙක් හා ඔහුගේ කටු කන පසුපෙළ රැලක් හා ජනාධිපති සිහින දකින පක්ෂයක් දශකයකට වඩා බේද බින්න කර අභියෝගයක් වන නායකයින් මහින්දගේ තුරලට යවපු කට බඩ ගැන නිතර කියවන්නකු නැවත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි අභ්‍යන්තර ආරංචි සදහන් කරන්නේ.

කෙසේවෙතත් සිරිසේන කිසි දින වෛරය අත් නොහරින අතර එජාප පාර්ශවය ඇමතිකම් බුක්තිවිදිමින් ආතල් එකේ සිටින අතර තව ටික දවසකින් උන්ගේ හැලිය රත්වීමට නියමිත බවයි තතු දන්නා විචාරකයින් අවධාරණය කරන්නේ.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!