Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුවේත් නොවන විපක්ෂ නායකත් නොවන රනිල් ඉන්දීය ප්‍රභලයා මුණගැසීම දේශපාලන ක්ෂේත්‍රය කලබයි

ආණ්ඩුවේත් නොවන විපක්ෂ නායකත් නොවන රනිල් ඉන්දීය ප්‍රභලයා මුණගැසීම දේශපාලන ක්ෂේත්‍රය කලබයි

ලංකාවේ මේ වන විට කිසිදු තනතුරක් නොදරන හිටපු අගමැති එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය ප්‍රභල නියෝජිත විදේශ අමාත්‍ය වරයා මුණගැසී සාකච්චා කිරීම පිළිබද දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහට ලක්වෙමින් තිබෙනවා. ඒ රට තුල සිට අංක එකේ රාජ්‍යතාන්ත්‍රිකයා මෙන්ම ඉදිරියේදී ලෝකයත් සමග ගනුදෙනු කිරමේදී ලංකාවේ කිසිවකුට අගයක් නොමැති වුවත් ලෝක මට්ටමෙන් ඔහුගේ සහබාගිත්වය හා බලපෑම ඉතා ඉහල එකක් බව මේ වන විට සනාත වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පැතිර යන කොවීඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉන්දියාවේ තිබෙන එන්නත ශ්‍රී ලංකීය ජනතාවගේ යහපත වෙනුවෙන් හැකි ඉක්මනින් ලබා දීමට පියවර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතාගෙන් ඊයේ(07) ඉල්ලීමක් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ කලාපයේ සියලු රටවල් දැඩි අර්බුදයකට මුහුණ පාමින් සිටින මේ අවස්ථාවේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දැඩි සමීපතාවයකින් කටයුතු කිරීම අවශ්‍යව ඇතැයිද හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු සඳහන් කළේ දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා ඉන්දීය නිල නිවසේ දී ඊයේ(07) පෙරවරුවේ හමුවූ අවස්ථාවේදීය.

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රාජ්‍ය තාන්ත්‍රික ධුරාවලියෙන් බැහැරව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයක් බව කොළඹ තානාපති ආරංචිමාර්ග සඳහන් කළේය.

දෙදින නිල සංචාරය නිම කර ශ්‍රී ලංකාවෙන් පිටව යාමට පෙර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා අවසන් හමුව ලෙස එජාප නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවීම විශේෂත්වයකි.

කොවීඩ් වසංගතය හේතුවෙන් දෙරට මුහුණ දෙන අභියෝග පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය විදේශ ඇමති සමග දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.

කොවීඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට දීම සම්බන්ධයෙන් මේ වනවිටත් රජය සමඟ සාකච්ඡා ආරම්භ කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

ඉහත ප්‍රවණතාව ඉහළින්ම අගය කළ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ අසීරු කාල සීමාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!