Breaking News
Home / දේශීය පුවත් / ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට සජිත්ගේ 6 කට ඇමතිධූර

ආණ්ඩුවට තුනෙන් දෙක හදා ගැනීමට සජිත්ගේ 6 කට ඇමතිධූර

මහමැතිවරණයෙන් පසු සමගි ජන බලවේගයේ කණ්ඩායමකට ඇමතිධූර 6 ක්, නියෝජ්‍ය ඇමතිධූර හා රාජ්‍ය ඇමතිධූර 14 ක් ලබාදී තුනෙන් දෙකක බලයක් මැතිවරණයෙන් ලබාගැනීමට නොහැකි වුවොත් 2/3 සහිත ආණ්ඩුවක් පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක කළ යෝජනාවට එහි පිරිසක් එකග වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව මහ මැතිවරණය අවසන් වී පාර්ලිමේන්තුව රැස්වීමට පෙරම මෙම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී ආණ්ඩුවට සහාය පළ කරන බවට ප්‍රකාශ කිරීමට නියමිතය. මුලින් ඇමතිධූර 6 පමණක් මේ කණ්ඩායමට පිරිනමන අතර පාර්ලිමේන්තුව රැස්වී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර ගැනීමෙන් පසු ඉතිරි පිරිසට ඇමති හා රාජ්‍ය ඇමතිධූර පිරි නැමීමට නියමිතය.

සමගි ජන බලවේගයේ ඇමතිධූර ලබා ගැනීමට එකගවී ඇති පිරිස අතර මුලින්ම නම කියැවෙන්නේ ලක්ෂ්මන් කිරිඇල්ල, විජිත් විජිතමුණි සොයිසා, කබීර් හෂීම්, රාවුෆ් හකීම්, ලක්ෂ්මන් සෙනෙවිරත්න හා පළනි දිගම්බරන්ගේ ය. මෙහි විශේෂයෙන්ම දින 52 දී පිල් මාරු කල උදවිය හා 2015 දී පිල් මාරු කල උදවිය මාරු වීමට ඉඩ තිබෙන බවයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ.

රාජ්‍ය ඇමතිවරු ලෙස මනුෂ නානයක්කාර, මුජුබර් රහුමාන්, එස්.එම් මරික්කාර යන අය පත් කිරිමට දෙපාර්ශවය එකග වී ඇති බව වාර්තා වේ. මේ පිරිස සමග මුස්ලිම් කොංග්‍රසයේ හා දිගම්බරන් ගේ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිධූර ලබාදීමට එකගතා පළ වී තිබේ.

සමගි ජන බලවේගයේ පිරිසක් ආණ්ඩුවට එක් වෙද්දි තවත් පිරිසක් එක්සත් ජාතික පක්ෂය හා එක්වීමට සාකච්ඡා කොට තිබේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පක්ෂයෙන් ඉවත් නොකල සමගි ජන බලවේගයේ කණ්ඩායම ඒ අනුව රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡා කර ඇත්තේ යළි පක්ෂයට එක් වීමටය.

ගම්පහ දිස්ත්‍රික්කයේ රන්ජන් රාමනායකව පක්ෂයෙන් ඉවත් කොට ඇත්තේ කාවින්ද ජයවර්ධන යළි පක්ෂයට එක් කර ගැනීමට වන අතර ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවත් කර ඇත්තේ හර්ෂණ රාජකාරුණානායක පක්ෂයට එක් කර ගැනීමටය. කළුතර දිස්ත්‍රික්කයේ අජිත් පෙරේරා ඉවත් කර ඇත්තේ රාජිත සේනාරත්නව එකතු කර ගැනීමටය.

පොළොන්නරුවේ සිඩ්නි ජයරත්න ඉවත් කර ඇත්තේ කිංග්ස් නෙල්සන්ව එක් කර ගැනීමට බව පක්ෂ අභ්‍යන්තරයේ සාකච්ඡා වී තිබේ. මේ දේශපාලන කාරණා කෙසේ වෙනස් වේද යන්න දැනගැනීමට තව දින කිහිපයක් පමණක් ඉවසීමට සිදුවෙයි.

මෙම ලිපිය පිළිබද මෙසේ සටහනක් තැබීමට කැමැත්තෙමු. යම් කණ්ඩායමක් පුද්ගලයකු මෙය මඩ ගැසීමක් ලෙස පැවසිය හැක දැකිය හැක. එය එසේ සිතාගැනීමට ඔවුන්ට අයිතියක් ඇති අතර දැනට ලැබෙන දේශපාලන ආරන්ච්මාර්ග අනුව මෙය ගෙන එයි. ශ්‍රීලංකා දේශපාලනය ක්ෂණිකව වෙනස් වන නිසත් මේ කියන දේ මේ වෙනස් වන නිසාත් එය සාදාරන නමුත් අගෝස්තු 5 න් පසු මේ ලිපියේ සත්‍ය අසත්‍යතාව නැවත විමසා බලන මෙන් විශ්වාසයෙන් ඉල්ලීමට කැමැත්තෙමු.

About article14

Check Also

නියෝජ්‍ය නායක හා නව මහලේකම් සම්බන්ධයෙන් තීරණයක් ගන්න රනිල් අද කෘත්‍යාධිකාරය කැදවයි.

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප්‍රතිසංවිධාන කටයුතු  සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පිටකෝට්ටේ සිරිකොත එක්සත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!