Breaking News
Home / Video / ආචාර්ය ලෙස්ටර් මහතාගේ රටක් වටිනා රණමයුර සම්මානය හොරකම් කරන වීඩියෝව මාධ්‍යට නිකුත් කරයි. කල තිරිසන් වැඩේ බලන්න

ආචාර්ය ලෙස්ටර් මහතාගේ රටක් වටිනා රණමයුර සම්මානය හොරකම් කරන වීඩියෝව මාධ්‍යට නිකුත් කරයි. කල තිරිසන් වැඩේ බලන්න

සිංහල සිනමාවේ මහා පුරුෂයා වූ ලෙස්ටර් ජේමිස් පීරිස් මහතා බෞද්ධ හා කිතුනු ආගමික වතාවත් මධ්‍යයේ ඊයේ (02දා) දැයෙන් සමුගත්තා.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වුණා.

මේ ශ්‍රේෂ්ඨ කලාකරුවාගේ අභාවයෙන් මුළු රටටම ශෝකයෙන් සිටින අවස්ථාවක හීනයකින්වත් නොසිතන්න බැරි සිදුවීමක් දෙකක් සිද්ධ වුණා.

ඉන් එක සිදුවීමක් මුළු ලෝකයම මේ වන විටත් දැනගෙන අවසන්.

ඒ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාට ගම්පෙරළිය චිත්‍රපටයට 1965දී ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී හිමිවු ‘රණ මයුර‘ සම්මානය ඊයේ (02) උදෑසන නැතිවීම.

අනෙක් සිදුවීම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ ජංගම දුරකථනයක් සොරකම් කිරීමේ පුවත.

මේ සිදුවීමට අදාළ වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පුරා ප්‍රචාරය වන්නට පටන් ගෙන තිබෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න.

මේ හොරකම වූ දින කල වාර්තාව

අවමංගල්‍යය අතරතුර අතුරුදන් වූ බවට වාර්තා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කම සොයා පොලිසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් බම්බලපිටිය පොලීසියට ලැබී ඇති අතර, ඒ අනුව වීඩියෝ දර්ශන ඔස්සේ මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි.

මහා සිනමාවේදී අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඊයේ දිනයේදී ඔහුට හිමිව තිබූ පදක්කමක් නිවසින් අතුරුදන්වී ඇති බවට වාර්තාවූවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ 1965 වසරේදී ඉන්දියාවේ නවදිල්ලි චිත්‍රපට උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටය වෙනුවෙන් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට රණමයුර සම්මානය සමඟ හිමිවූ පදක්කමයි.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවසේ තැන්පත් කර තිබූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ දේහය ඊයේ (03) උදෑසන නිදහස් චතුරශ්‍රය කරා රැගෙන යාමට ප්‍රථම නිවසේ පැවති ආගමික වතාවත්වලින් අනතුරුව මෙම පදක්කම අතුරුදන්ව ඇති බවයි පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ.

දේහයේ නිවසේ තැන්පත් කර තිබියදී ඒ අසල තබා තිබූ එම පදක්කම දර්ශනවල සටහන්ව තිබූ අයුරු පහතින්.

About article14

Check Also

ලෝක කුසලාන ජය සැමරුම් සමග ප්‍රංශයේ ජාතිවාදී ගැටුම් ඇවිල යයි. පැරිසිය මුම්බායි වගේ ජරා කර ඇතයි පවසමින් මුස්ලිම් හා සරණාගතයින්ට ප්‍රහාර

2018 පාපන්දු ලෝක කුසලානය ප්‍රංශය විසින් පසුගිය දින (15) දිනා ගත්තා. මෙම ජයග්‍රහනයත් සමග එම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!