Breaking News
Home / දේශීය පුවත් / ආගම ජාතිය අවංකකම විකුණන් නොකන ලංකාවේ ඉන්න එකම අවංක විනිසුරු වීරයා “කෝවිල් සාමි” අධිකරනෙන් පන්නයි

ආගම ජාතිය අවංකකම විකුණන් නොකන ලංකාවේ ඉන්න එකම අවංක විනිසුරු වීරයා “කෝවිල් සාමි” අධිකරනෙන් පන්නයි

අධිකරණයට නුසුදුසු ඇදුමකින් සැරසී යාපනය මහාධිකරණයට පැමිණි පුද්ගලයෙකු මහාධිකරණ විනිසුරු විසින් අධිකරණ භුමීයෙන් ඉවත් කරවූ පුවතක් වාර්තා වෙනවා. මෙලෙස නුසුදුසු ඇදුමකින් සැරසි අධිකරණ භුමීයට පැමිණි පුද්ගලයා ඉවත් කර තිබෙන්නේ යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චේලියන් විසිනි. යාපනය මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට අදාළව සාක්ෂී ලබා දීම සදහා පැමිණි පුද්ගලයෙකු සිදුවීමට මුහුණ ප තිබේ.

මෙම පුද්ගලයා අධිකරණ භූමියෙන් ඉවත් කරවූ විනිසුරුවරයා පවසා ඇත්තේ පූජකවරුන් සඳහා නියමිත ඇඳුමක්ද සාමාන්‍ය මිනිසුන් සඳහා ගැළපෙන ඇඳුමක්ද ඇතත් මේ තැනැත්තා පැලඳගෙන සිටින ඇඳුම කවරකුටවත් නොගැළපෙන බවකි.

මෙම පුද්ගලයාගේ ඇදුම පිළිබදව සෙවීමේදි අපූරු කරුණක් අනාවරණය වි තිබුණි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පිහිටි කෝවිලක ජනවාරි මාසයේදී පැවැත්වෙන උත්සවයකට සහභාගි වීමේ පොරොන්දුව මත පඬුරු ගැට ගසා බාරහාර වී මේ දිනවල කළු ඇඳුමින් සැරසී විශාල ඇට මාල කරේ දමාගෙන උතුරු ප්‍රදේශයේ විශාල පිරිසක් තැන් තැන්වල හැසිරෙති. ඇතැමුන් උඩුකය නිරාවරණය සිටින අතර මහාධිකරණය වෙත පැමිණි ඇත්තේ එවැනි 'සාමි'වරයෙකි.

ඔවුන් පූජක පිරිසක් නොවූවත් එම ඇඳුම් පැලඳීමෙන් පසුව සෙසු පිරිස් ඔහුව 'සාමි' හා 'අයියප්පර් සාමි' නමින් හඳුන්වයි. ඔවුන් සිය වෘත්තියේ යෙදෙන්නේද එම ඇඳුමින් සැරැසීගෙනය. මෙලෙසින් අධිකරණ භූමියට පැමිණ ඇත්තේ එවැනි පුද්ගලයෙකි.

මේ දිනවල යාපනයේ ක්‍රියාත්මක 'ආවා ගෘෘප්' කල්ලියද කළු ඇඳුමින් සැරැසී සිටින නිසා මේ 'සාමි' වරුන් පිළිබඳව බොහෝ දෙනකු සැකයෙන් යුතුව බැලීමට පටන් ගෙන තිබෙන බවද සදහන්.

About article14_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ 70 දශකයේ රහස් මිනීමැරුම චන්ද්‍රන්රත්නම් සිනමාවට නගයි. සුරූපී ජැකලින්ගේ රංගනය ශ්‍

ලංකාවේ සත්‍ය කතාවක් ඇසුරින් නිපදවූ ජාත්‍යන්තර චිත්‍රපටය’According to Mathew’ ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලංකා සිනමාකරු චන්ද්‍රන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!