Breaking News
Home / දේශීය පුවත් / අළුත් පක්ෂ හදනවනම් නම්බු පිට අයින් වෙන්න නිදහස් සන්ධාන ලේකම් දැනුම් දෙයි

අළුත් පක්ෂ හදනවනම් නම්බු පිට අයින් වෙන්න නිදහස් සන්ධාන ලේකම් දැනුම් දෙයි

අලුත් දේශපාලන පක්ෂයක් හදනවා නම් දැනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින එකී වුවමනාව ඇති පිරිස නම්බුකාර ලෙස ශ්‍රීලනිපයෙන් ඉවත්විය යුතු බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පැවැසීය.

දික්ඹ්විට ධිවර වරායේ පැවැති උත්සවයකට එක් වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරිමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර ඇති බව පැවැසූ ඇමැතිවරයා සියලු දෙනා පක්ෂයේ තබා ගන්නවා මිස කිසිවකු ඉවත් කිරීමට අදහසක් නැති නමුත් වෙනත් පක්ෂ හදන අය අයින් කරන්නට සිදුවන බවද පැවැසීය.

About article14

Check Also

කාමර 200 ක හෝටල් සංකීර්ණයක් නිවාස 180 ක් සුපිරි වෙළද සංකීරණ නාන තටාක ඇති කලම්බු සිටි සෙන්ටර් ආසියාවටම එළියක් දෙමින් විවෘතවේ

කොළඹ 02, ජේම්ස් පීරිස් මාවතේ අලුතින් ආරම්භ වූ Colombo City Centre වෙළඳ සාප්පු සංකීර්ණය අග්‍රාමාත්‍ය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!