Breaking News
Home / Video / අවුරුදු 63 කට පසු නවසිලන්තයට කල දේට එංගලන්තයට රිටර්න් එක දෙයි. බෝල්ට් ගේ පන්දුවෙන් එංගලන්තය 58 කට දවයි

අවුරුදු 63 කට පසු නවසිලන්තයට කල දේට එංගලන්තයට රිටර්න් එක දෙයි. බෝල්ට් ගේ පන්දුවෙන් එංගලන්තය 58 කට දවයි

පන්දු යවන්නෝ දෙන්නෙක් විතරයි පන්දු යැව්වේ

අවුරුදු 63කට පස්සේ දුන්නු රිටර්න් එක

එංගලන්තය සහ නවසීලන්තය අතර අද (22) ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 58 කට සීමා කිරීමට නවසීලන්තයේ ට්‍රෙන්ට් බෝල්ට් සග ටීම් සවුති සමත්වුණා.

විටෙක එංගලන්ත පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකණු 27ක් ලෙස සටහන්ව තිබු අතර ඔවුන්ගේ ඉනිම ලකණු 27කට සීමා වුයේ නම් එය ටෙස්ට් ඉතිහාසයේ කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ දෙවන අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වනු ඇති.

නමුත් එංගලන්ත පළමු ඉනිම ලකුණු 58ක් දක්වා රැගෙන යන්නට ක්‍රෙග් ඕවර්ටන් සහ ජේම්ස් ඇන්ඩර්සන් සමත්වුණා. ඕවර්ටන් නොදැවී ලකුණු 33යි.

මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරතවූ ට්‍රෙන්ට් බෝල්ට් පන්දුවාර 10 කදී ලකුණු 32 කට කඩුලු 6 ක් දවාගත්තා. ටීම් සවුති ඔහුට අගනා සහයක් ලබාදෙමින් පන්දුවාර 10 කදී කඩුලු 4ක් දවාගන්නේ ලකුණු 25ක් පමණක් ලබාදෙමින්. අන් කිසිදු පන්දු යවන්නෙකු භාවිතා කිරීමට් නවසීලන්ත නායකයට අවශ්‍ය නොවීමද විශේෂත්වයක්.

මෙය එංගලන්තය ටෙස්ට් ඉනිමකදී වාර්තා කල 6වන අඩුම ලකුණු සංඛ්‍යාවයි.

ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගිය කණ්ඩායම වන්නේ අද මේ දක්ෂතාව දැක්වූ නවසීලන්තයයි. ඔවුන් 1955 දී මාර්තු 25 වෙනිදා අද අවාසනාවන්ත ඉරණමට මුහුණදුන් එංගලන්තය හමුවේ ලකුණු 26කට දැවී ගොස් තිබුනා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හිදී පැවැත්වෙන මේ තරගයේ දිනය නිමා වනවිට පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්තය කඩුලු 3ක් දැවී ලකුණු 175ක් ලබා සිටියා.

 

About lanka

Check Also

ජනාධිපතිවරයට වසර 4 හමාරක් යන තුරු පාර්ලිමේන්තුව විසුරවන්න බැ තුනෙන් දෙකක් සම්මත විය යුතුමයි. පොහොට්ටුවේ නායක ජිඇල් පිරිස් කියයි

2015 අප්‍රේල් 27 දින පාර්ලිමේන්තුවේදී, උපුටා ගැනීම හැන්සාඩ් වාර්තාව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!