Breaking News
Home / දේශීය පුවත් / අවුරුදු 10 කට මහින්දට ආණ්ඩුවක් හදන්න නොදෙන බවට බදුර්දින්ගෙන් මහින්දට අභියෝගයක්

අවුරුදු 10 කට මහින්දට ආණ්ඩුවක් හදන්න නොදෙන බවට බදුර්දින්ගෙන් මහින්දට අභියෝගයක්

වසර 10 ක් යනතුරු මහින්ද පාර්ශවයට ආණ්ඩුවක් හදන්න ඉඩ නොදෙන බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහත් ආවේගයෙන් පවසා ඇති බව පවසයි.

පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීම අමතමින් ඇමැතිවරයා ආවේගයෙන් මේ බව කියූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරන බව ඔහුගේ වෙබ් අඩවිය වන lankacnews සදහන් කරනවා.

ඊට ඒ ආකාරයෙන්ම පිළිතුරු දුන් තමන් ‘ඔයගොල්ලොත් සමග ආණ්ඩු නොහදා වසර සීයක් වුණත් විපක්ෂයේ ඉන්න අපි ලෑස්තියි’ යනුවෙන් පැවසූ බවද වෙබ් අඩවිය පවසනවා.

වහාබ්වාදී අන්තවාදීන්ගේ බලපෑමට යටත් වූ ආණ්ඩුවක් කිසිසේත්ම සෑදිය නොයුතු බවත් එසේ සාදන ආණ්ඩුව තමන් කිසිසේත්ම නොසිටින බවත් වීරවංශ පැවසු බවද සදහන් කරනවා.

වහාබ්වාදී අන්තවාදයෙන් සාමාන්‍ය මුස්ලිම් ජනතාව බේරාගත යුතු බවත් මහා සමාජය සමග සමජීවනයෙන් කටයුතු කිරීමට එවිට හැකි බවත් පැවසූ ඔහු එවිට අන්තවාදී නොවන මුස්ලිම් නායකයන් එම සමාජයෙන් මතුවනු ඇතැයිද කියා සිටියේය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ යූ ටියුබ් වෙබ් අඩවියේ ඉරාජ් වීරරත්න සමඟ කරන ලද සම්මුඛ සාකච්චාවකදී බවද සදහන්. එහෙත් සහරාන්ගේ බිරිදගේ ගම් ප්‍රදේශය වන කුලියාපිටිය ප්‍රදේශයේ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවා ඇත්තේ පොහොට්ටුව විසින් වන අතර උප සභාපතිකම දී බලය බෙදාගෙන්න සිටින්නේ බදුර්දීන් සමග වීමත් සදහන් කල යුතුයි.

කයිවරුවට වඩා ආදර්ශයක් දීම නොකරන වර්තමාන දේශපාලකයා දිනෙන් දින පිරිහෙමින් තිබෙන්නේ රගපාන්න ගොසින්. මහා ආණ්ඩු සැදීමට පෙර පුංචි ආණ්ඩුව කැප කර පෙන්වීමට ඒකාබද්ද විපක්ෂේ ප්‍රධාන හාදයෙක් වෙන වීරවංශට තවම නොහැකි වී ඇත.

About article14

Check Also

අපේක්ෂකයා එන්නේ කාගේත් එකගත්වයෙන් එජාපයෙන් – එජාප මහලේකම්ගෙන් නිවේදනයක්

එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිලිබදවයි. එය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!