Breaking News
Home / ක්‍රිඩා / අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි

අවිනිශ්චිතව හිටපු කෝලිත් අවසන් ස්ථාන දෙකේ සටනට කණ්ඩායම් 5 ක් අවසන් පූර්ව ස්ථාන දෙකකට සටන උණුසුම්වෙයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 45 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් අත්කර ගැනීමට විරාත් කෝලි නායකත්වය දරණ රෝයල් චැලෙන්ජ්ර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය අහිමි වීමෙන් පසු පළමුවෙන් පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 15.1 අවසානයේ ලකුණු 88 කට සිමා කිරීමට උමේෂ් යාදව් ප්‍රමුඛ බැංගලෝර් පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ උමේෂ් යාදව් එකම පන්දුවාරයක ලබාගත් රාහුල්ගේ කඩුල්ල සහ ගේල්ගේ කඩුල්ලද සමඟ ලකුණු 23 කට කඩුලු 3 ක් දවාගත්තේය.

පන්ජාබ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඒරන් ෆින්ච් පන්දු 23 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස්කළේය. පන්දු 15 කදි හයේ පහර 3 ක් සමග ලකුණු 21 ක් රැස්කිරීමට ලෝකේෂ් රාහුල් සමත් වූ අතර ක්‍රිස් ගේල් පන්දු 14 කදී ලකුණු 18 ක් රැස් කළේ හතරේ පහර 4 ක් සමගිනි.රවිචන්ද්‍රන් අශ්වින් නායකත්වය දරන පන්ජාබ් කණ්ඩායමේ ආරම්බක පිතිකරුවන් දෙදෙනා වන ක්‍රිස් ගේල් හෝ රාහුල් අසාර්ථක වන හැම තරඟයකම අනිත් සියලු පිතිකරුවන් ඉතා ඉක්මනින් දැවී යන ආකාරය තරඟාවලිය පුරා දැකගත හැකි වූ අතර මෙම තත්වය ඉතා හොඳින් ඊයේ තරඟයේදී දැකගත හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 89 ක ඉලක්කයක් හඹාගිය බැංගලෝර් කණ්ඩායම කිසිවකු නොදැවී පන්දුවාර 8.1 ක් අවසානයේ එම ඉලක්කය පසුකර යන්නට සමත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ ස්ථානය වෙනස් නොවුවද මේ දක්වා ඍන අගයක්ව තිබු බැංගලෝර් ලකුණු වේගය ධන අගයක් බවට මෙම තරඟය අවසානය සමඟ පත් විය.

බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ නායක විරාට් කෝලි (නොදැවී 48) සහ පාර්තිව් පටේල් (නොදැවී 40) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 92 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යද්දී පන්දු 28 කට මුහුණදුන් කෝලි සිය ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් සැරසූ අතර පන්දු 22 කදී වාර්තා වූ පටෙල්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් විය.

මේ වන විට තරඟාවලියේ සුපිරි හතර දෙනාගෙන් ස්ථාන දෙකක් සඳහා දැඩි සටනක් පවතින අතර කල්කටා කණ්ඩායම,රාජස්ථාන් කණ්ඩායම,පන්ජාබ් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 12 බැගින් ලබාගෙන සිටින අතර මුම්බායි සහා RCB කණ්ඩායම් ලකුණු 10 බැගින් ලබාගෙන ඇත.

About lanka_2

Check Also

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” ලංකාවේදී

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන “ඇගයීම් පිළිබද ප්‍රථම ගෝලීය සමුළුව” (Eval Colombo 2018) අතිගරු ජනාධිපති මෛත්‍රීපාල …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!