ඊයේ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති සනත් ජයසුරිය මහතා එක්ක එහි සාමාජිකයන්ද ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන්නා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඒ අවස්ථාවේ අනුගමනය කලේ නිහඬ පිළිවෙතක්.
ක්‍රිකට් ලෝලීන්ගේ සහ මාධ්‍ය ප්‍රශ්නකිරිම හමුවේ ඔහුත් තමන්ගේ තනතුරින් ඉල්ලා අස්වීමට යන බවයි දැන් අපට දැන් දැන ගැනීමට ලැබුනේ.
ඒ අනුව අද දින පැවැත්වෙන විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිලිබඳ අවසන් තීරණයක් ඔහු විසින් ගැනීමට නියමිත බවයි ඔහුගේ හිතවත් පිරිස පැවසුවේ.
පසුගිය කාලයේ දිගින් දිගටම ක්‍රීඩාවේ වූ පසුබෑමත් එක්ක මෙම තීරණය යම් ආකාරයකින් ඔහු විසින් ගතහොත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට යහපත් ලෙසින් බලපානු ඇතිබවයි ක්‍රීඩා විචාරකයන් බහුතරයකගේ මතය.