Breaking News
Home / දේශීය පුවත් / අවස්ථා ගණනාවකදී මහින්ද පාර්ශවය ලිපියේ තොරතුරු සම්බන්ධයෙන් සම්බන්ද කරගන්න උත්සහා කළා. දැනුත් පුළුවන් – ටයිම්ස් මාධ්‍යවේදිනිය චෝදනා වලට පිළිතුරු දෙයි

අවස්ථා ගණනාවකදී මහින්ද පාර්ශවය ලිපියේ තොරතුරු සම්බන්ධයෙන් සම්බන්ද කරගන්න උත්සහා කළා. දැනුත් පුළුවන් – ටයිම්ස් මාධ්‍යවේදිනිය චෝදනා වලට පිළිතුරු දෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා හම්බන්තොට වරාය ණය මුදලින් ඩොලර් මිලියන 7.6 ක් චීනුන්ගෙන් මුදල් ගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාවක් ලියූ මාරියා අබි හබීබ් මාධ්‍යවේදිනිය ඒ පිළිබද කරුණු පැහැදිලි කිරීමක් කර තිබේ.

ඇයගේ නිල ‍ට්විටර් ගිණුම හරහා පණිවුඩ යොමු කරමින් ඇය ඒකපාර්ශවීය මාධ්‍ය වාර්තාකරණයක නියැලී ඇති බවට එල්ල කරන ලද චෝදනා වලට ඇය පිළිතුරු දී තිබේ.

චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන ඇය තමාගේ ලිපිය මුලුමනින්ම සත්‍ය කරුණු මත පදනම්ව සකස් කරන ලද්දක් බවත් අදාල ගවේෂණාත්මක වාර්තාව පල කිරීමට පෙර මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් කරුණු විමසීමට අවස්ථා ගණනාවකදී උත්සාහ දැරූ නමුත් එය අසාර්ථක වී යැයි ඇය සඳහන් කර තිබේ.

ඊමේලය, ජංගම දුරකතනය සහ වට්ස් ඇප් යන ක්‍රම හරහා මහින්ද රාජපක්ෂ පාර්ශවය සම්බන්ධකර ගැනීමට උත්සාහ රැසක් දැරුවද ඒවා සියල්ල ව්‍යාර්ථ වු බව මරියා අබි හබීබ් පවසා ඇත.

හිටපු බහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් මේ සම්බන්ධයෙන් කරුණු විමසූ නමුත් ඔහුගෙන්ද චෝදනාවලට අදාලව නිසි ප්‍රතිචාරයක් නොලැබුණු බව මරියා අබී හබීබ් සිය ට්විටර් ගිණුමේ සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙම සිද්ධියට අදාලව ප්‍රතිචාර දැක්වීමට මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඔහුගේ පාර්ශවයට තවදුරටත් අවස්ථාව ඇති බවද නිව්යෝක් ටයිම්ස් මාධ්‍යවේදිණිය අවධාරණය කර තිබේ. වර්තමානයේදී පවා ඒ සඳහා අවස්ථාවක් ලබා දීමට සුදානම් බවත් ඇය සඳහන් කර ඇත.

නිව්යෝර්ක් ටයිම්ස් මහින්ද රාජපක්ෂගෙන් සමාව ගත් බවත් බොරු පුවත් ලියූ මරියා සේවයෙන් පහකළ බවත් කියමින් රාජපක්ෂ පාර්ශවය කරන ප්‍රචාර සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඇය මේ තොරතුරු ඇයගේ ට්විටර් ගිණුමේ වරින් වර දක්වා ඇත.

ඇයගේ ට්විටර් ගිණුම පහත දැක්වේ

උපුටා ගැනීමක්

About article14

Check Also

වයස 80 රාජ්‍ය භාෂා ඇමති පපයා ඇමති වෙලා සතියයි අධිකරණ ඇතුලේ ගහගන්න යයි. ඔන්න මුන්ට පැය ගානකට බලය ලැබුනත් හැසිරෙන විදිය.

කවුද යකෝ මේ අධිකරණෙ මට හු කියන්න ඉන්න එකා – වාසු මුත්තා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!