Breaking News
Home / දේශීය පුවත් / අවසන් සටනේ දෙමල වැසියන් බේරගන්න අණ දුන්න කර්නල් අද බ්රෙගෙඩියර් ප්‍රියංක කියන්නේ කවුද? මෙන්න ඔහුගේ කථාව

අවසන් සටනේ දෙමල වැසියන් බේරගන්න අණ දුන්න කර්නල් අද බ්රෙගෙඩියර් ප්‍රියංක කියන්නේ කවුද? මෙන්න ඔහුගේ කථාව

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.

ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය.

කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.

ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.

ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. එතරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක්ව තිබේ. විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළනූ පමණින් හමුදා නිලධාරීයෙකුගේ තනතුරක් ඉවත් නොකරන බවත්, පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබදව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත දැනුම්දී තිබේ.

කොටින්ට ජාතිවාදය ඇවිස්සීමට මිනි මැරීමට ත්‍රස්ත ක්‍රියා කිරීමට හැකියාව ඇතත් රට වෙනුවෙන් කතා කිරීමට හෝ අඩුතරමින් ඉගියක් පැමාටවත් සාමාන්‍ය ලාංකිකයන්ට හා සිංහලයන්ට අයිතියක් නැත. එවිට සාමාන්‍ය ලාංකික දෙමල සිංහල මුස්ලිම් පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් උල්ලාගනය්වුවාට කමක් නැතත් කොටි ත්‍රස්තයන්ගේ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් හා ලෝකයම පෙනිහිටීම කණගාටුදායක කරුණකි.

මේ ඔහු ලංකාවේදී කල කීදේ පිළිබද හොදම සාක්කි කියවෙන පින්තුරයි මේ. ජාතිවාදී හා මෝඩයෙක් යයි කියන බුකි වීරයන්ට පෙනෙන්නට share කරන්න.

Image may contain: 1 person, standing and outdoorImage may contain: 5 people, people standing and outdoorImage may contain: one or more people, people standing and outdoorImage may contain: 4 people, people standingImage may contain: one or more people, crowd and outdoorImage may contain: 2 people, people sitting, people standing and outdoorImage may contain: 5 people, people standing, wedding and outdoorImage may contain: 4 people, people standing and outdoor

About article14

Check Also

වැක්සින් එක අපට ඕන නැ වැක්සින් ඕන ඇමරිකාවට කියූ වාසුදේව නොවැම්බර් පාර්ලිමේන්තුවේ කියූ කථාව

ඇමති වාසුදේව අපට වැක්සින් ඕන නැ යයි කියූ කතාව පහතින් බලන්න, දැනට කොවිඩ් වැළදුන වයස්ගතම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!