Breaking News
Home / දේශීය පුවත් / අවසන් වසර දෙකේ පසුබෑමට බෝර්ඩ් එක වගකීම බාරගෙන ඉල්ලාඅස් නොවන්නේ ඇයි?

අවසන් වසර දෙකේ පසුබෑමට බෝර්ඩ් එක වගකීම බාරගෙන ඉල්ලාඅස් නොවන්නේ ඇයි?

ශ්‍රී ලංකා කන්ඩායම තම මව් රටේදී විදේශ කන්ඩායමකට 3-0 ලෙස සේදී යාම අප රටේ ක්‍රිකට් තවත් වැටෙන්නට තැනක් ඇතැයි අප කිසිවකුට හිතන්නයට යමක් ඉතිරිවී නැත. තමන් නිතර දෙවේලේ ක්‍රීඩා කරන භූමියේ පිටරැටියන්ට එරෙහිව ක්‍රීඩාකර ගත නොහැකිව සේදී යනවානම් මෙහි වගකීම බාරගන්නේ කවුද?

පරාජයන් එකක් දෙකක් ඉවසාගත හැක. උස් පහත් වීම් පොදු ලක්ෂනයකි. එහෙත් විසුමක් නොමැතිව මව් රටේදී පිට රටේදී කියා වෙනසක් නැතිව අතුගෑවී යාමට පරාජය වන්නේ නම් පදනමේ සිට අඩුපාඩු ගොඩක් ඇත. විශේෂයෙන්ම කඩුලු දවාගත හැකි පන්දු යවන්නන් නැතිවීම ශාපයක් වී ඇත.

ඉන්දියානුවන් තරග 3 ට ඉනිම් 4 ක් ක්‍රීඩා කර වැටී ඇත්තේ කඩුලු 32 ක් පමනයි. එයට අප පන්දු යවන්නන් ලකුනු 1949 ක් ලබා දී ඇත. එවිට අප පන්දු යවන්නන් එක කඩුල්ලක් දවා ගැනීමට සාමන්‍ය ලකුණු 60 ක් ලබා දී ඇත. එනම් පිතිකරුවන් 32 නාම අර්ධ ශතක වාර්ථා කලාක් මෙනි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගෙන ඇත්තේ ලකුණු 1431 ක් පමනි. ඔවුන් ඉනිම් 6 ම ක්‍රීඩා කර තිබේ. එය එක් පිතිකරුවකුගේ සාමාන්‍ය ලකුනු 23 කි. මෙම දත්ත වලින් ඔබට වැටෙහෙනවා ඇති අප පිතිකරුවන්ගේ මව්බිමේ පවා ඇති දුර්වල කම.

දැන් මෙය විශ්ලේෂනය පමනක් කිරීමෙන් පලක් නැත. පිලියම් අවශ්‍යය. තරගාවලි හැම එකක්ම මෑත කාලයේදී පරාජය විය. ඒ හැම අවස්තාවකම පිලියම් සැලසුම් යොදා ඇතිබව පරිපාලනය පැවසුවත් ඊලග තරගාවලිය අන්ත පරාජය වෙයි.

මෙහි වගකීම කිසිවකු ගන්නේ නැත. ඉල්ලා අස්වන්නට කෙනෙක් නැත. පරිපාලනය අසමත් බව පෙන්වා තිබියදී ඉහල පුටුව හුස්ම තදින් අල්ල මෝල් ගස් ගිල්ලා මෙන් රජ ප්‍රකාශ මාධ්‍යට දෙමින් ලොරි ටෝක් දෙයි. ඇමති ක්‍රිකට් ඉහල පුටුවට බයාදු ගතියක් පෙන්වන අතර එහෙයි කියා සිනාසී ඔලුව පහත් කරගෙන ඉන්නවාක් මෙන් ඇස් කන් ඇත්තන්ට පෙනෙයි.

දේශපාලකයන් ක්‍රිකට් ක්‍රිඩාව සින්න කරගෙන හමාරය. වගකීමක් බාරගෙන ඔවුන් ඉල්ලා අස්වීමට කැමත්තක් නැත. ජනතාවද මාධ්‍යද ඔවුන්ට ඉල්ලා අස්වෙන්නැයි බල කරන්නේ ද මතයක් හදන්නේත් නැත. වෙන දෙයක් වියන් මෙන් ක්‍රීඩකයන්ගේ අඩුපාඩුවලට බැන වදිමින් ක්‍රිකට් වලින් ඈත්වෙමින් සිටී. ක්‍රීඩකයන් මුදල් වලට පමනක් ක්‍රීඩා කරනවානම් එය පාලනය කිරීම පරිප්පාලනය සතුය. රට වෙනුවෙන් ඔවුන්ට හැගීන් එන්නේ නැතිනම් හැගීම් දනවන්න පරිපාලනයට හැකිවිය යුතුය. එහෙත් මේ ඇතුලත දැවැන්ත මාෆියාවක් ක්‍රියාත්මක බව පැහැදිලිය.

පරිපාලනයට ඉල්ලා අස්වීම හෝ කල නොහැකිනම් කණ්ඩායම හෝ ඉල්ලා අස්වීම සිදු කල යුතුය. ඕනෑම ප්‍රශ්නයකට පිලිතුරු ඇත. ත්‍රස්තවාදීන් සමග ජීවත් වන ඇෆ්ගනිස්තාන්යට ටෙස්ට් ලබාගත හැකිනනම් ලෝක කුසාලන දිනූ රටකට කණ්ඩායමක් ගොඩ නැගීම කජ්ජක් නොවේ. රටේ පලමු පෙල තරග දුර්වල බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය පවා සදහන් කර ඇත. එය නිවරදි කල යුත්තේ ඇමතිවරයා සහා ඉහල පුටුය. ඔවුන්ට කිසි දැක්මක් නැත. එසේනම් ඔවුන්ට ඉල්ලා අස්වීමට ක්‍රීඩාලෝලීන් හෝ බල කර මතයක් නිර්මානය කල යුතුය.

About article14

Check Also

පුහුල් හොරා කෙහෙල් කැනක් එක්කම වැට පනියි. ක්‍රිකට් හිටපු සභාපති ඇෆ්ගනියන් ගැන සතුටින්. සුමතිපාල ලංකාවේ ප්‍රේක්ෂකයන්ට දෝස් මුරයක්

ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළීබඳව ඊයේ (21) පාර්ලිමේන්තුවේදීද විවාදයට බඳුන්විය. එහිදී තිලංග සුමතිපාල දයාසිරි ජයසේකර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!