කාසිය වාසිය දිනු බංගලි නායකයා පළමුව පන්දුවට පහර දීම ලංකාවට ලබා දුන්නා. අද තරගයට පළමු වරට මේ තරගාවලියට සහබාගිවන නායක ෂකිබ් අල් හසන් නායකත්වය දරයි.
එසේම ලංකාවේ නායකයා වන්නේ තිසර පෙරේරා වන අතර චන්දිමාල්ගේ දඩුවම අවසන් වන්නේ අද තරගයෙන් පසුයි. ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් කර ඇති අතර ලක්මාල් වෙනුවට ඉසුරු උදානත් චමීර වෙනුවට වමතින් දග පන්දු යවන අමිල අපොන්සුත් කැදවා තිබෙනවා.
බොහෝ දුරට අමිල අපොන්සු ආරම්බක පන්දු යවන්න විය හැකි බවයි විචාරකයන් පවසන්නේ. මේ තරගය ජය ගන්නා කණ්ඩායම ඉන්දියාව සමග ඉරිදා අවසන් තරගයට මුහුණ දෙනවා.
බන්ගලියන් මෙවන් තරගාවලියක අවසන් තරගයකට මුහුණ දී නැති අතර ලංකාවේ 70 වන නිදහස වෙනුවෙන් පවත්වන තරගාවලියේ අවසන් තරගයට පැමිණීමට ලංකාව දැඩි උත්සහයක් හා පීඩනයක් ඇතිබව නොරහසක්.
මෙම තරගය ශ්රී ලංකා ක්රිකට් නිල පිටුවේ සජීවීව විකාශය වනවා.