පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට වසරකට අධික කාලයක් ගත කළේ ඇයි දැයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහා ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (04) ප්‍රශ්න කළේය.
ශ්‍රී ලංකා මහා බැංකු බැඳුම්කර නිකුත් කිරීමේ සිද්ධියට අදාලව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ගිණුම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත අත්හිටුවා වසරකට අධික කාලයක් ගත වුවද සමාගමේ අධ්‍යක්ෂක අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට කිසිඳු පියවරක් නොගැණුනු බව අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.
එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහා ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත අදහස් දැක්වුයේ විශේෂ ප්‍රකාශයක් කරමිණි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් අත්අඩංගුවට ගැනීමට හැකි පසුබිම සකස් කර තිබුනද වසරකට වැඩි කාලයක් ඔහු අත්අඩංගුවට නොගෙන සිට මේ අවස්ථාවේදී ඒ පියවර ගත්තේ ලබන සෙනසුරාදා(10) පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය අරමුණු කරගෙන දැයි අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.
වසරක් තිස්සේ නොගත් පියවරක් පළාත් පාලන මැතිවරණය කට උඩට පැමිණි පසු ක්‍රියාත්මක කිරීම තවත් එක් දේශපාලන සන්දර්ශනයක කදිම නිදසුනක් බවද එජාප මහලේකම් වරයා සඳහන් කළේය.