Breaking News
Home / ක්‍රිඩා / අලුබදුන අවසන් තරගයත් කැන්ගරුවන් ජයගතහොත් ලංකාවේ තුන්වන ස්ථානය අහිමිවෙයි

අලුබදුන අවසන් තරගයත් කැන්ගරුවන් ජයගතහොත් ලංකාවේ තුන්වන ස්ථානය අහිමිවෙයි

අළුබඳුන කි‍්‍රකට් ශූරතාවය, තවත් එක් තරගයක් ඉතිරිව තිබියදීම තමන් සතු කර ගැනීමේ බලපොරෝත්තුවට යාමට ඕස්ට්‍රේලියාව සමත්වුණා. ඒ තරග 4 අවසානයේ ඔස්ට්‍රලියාව 2 ට 1 ලෙස ඉදිරියෙන් සිටිමින්.

එංගලන්තය සමග පැවැති සිව්වන ටෙස්ට් තරගය ලකුණු 185 කින් ජය ගනිමින්. මෙවර අළුබඳුන තරගාවලියේ සත්කාරකත්වය දරන්නේ එංගලන්තයයි. ඒ අනුව මෙම තරගාවලිය ඔස්ට්‍රලියාව ජයගත හොත් එංගලන්තයේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් අළුබඳුන කි‍්‍රකට් ශූරතාවයක් දිනා ගත්නේ වසර 18 කට පසුව පළමුවරට වීම ද විශේෂත්වයක්.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ටේ‍්‍රලියාව කඩුළු 8 කට ලකුණු 497 ක් රැස් කර ගෙන සිටියදී සිය පළමු ඉනිම අත්හිටවු අතර දෙවෙනි ඉනිම කඩුළු 06 කට ලකුණු 186 ක්ව තිබියදී අත්හිටුවීමටයි තීරණය කළේ.

එංගලන්තයේ පළමු ඉනිම ලකුණු 301 කට සීමා වුණා. තරගය ජය ගැනීමට ඔවුන්ට හිමිවූ ඉලක්කය ලකුණු 383 ක්. එහෙත්, එංගලන්තයට සියලූ දෙනා දැවි රැස් කර ගත හැකි වූයේ ලකුණු 197 ක් පමණයි.

පළමු ඉනිමේදී ලකුණු 211 ක් සහ දෙවෙනි ඉනිමේදී ලකුණු 82 ක් රැස්කළ ඕස්ටේ‍්‍රලියාවේ ස්ටීව් ස්මිත් තරගයේ වීරයා ලෙස නම් කෙරුණා. ස්මිත්ට තරගාවලිය ආරම්භයේදී එංගලන්ත ප්‍රේක්ෂකයන් විසින් එල්ලවූයේ දැඩි අපහාසයක්. වන්චාකාරයා වැනි වචන කියමින් ඔහු මානසිකව වට්ටන්නට උත්සහා කලත් මේ තරගාවලියේ අර්ධ ශතක 3 හා ශතක 2 ක් වගේම ද්විත්ව ශතකයක් ලබා ගත්තා.

ස්මිත් තරගාවලියේ වීරයා වීමටද බොහෝ ඉඩකඩ තිබෙනවා. එවන් පීඩනයක් තුලින් තවමත් ටෙස්ට් ලෝකයේ අංක එකේ පිතිකරු බව ස්මිත් ඔප්පු කර හමාරයි.

තවද මෙම තරගාවලියේ ලෝක ක්‍රිකට් ශුරතාව වෙනුවෙන් ලකුණු 120 ලැබෙන අතර ඉන් ලකුණු 56 ක් ඔස්ට්‍රේලියාවද 32 එංගලන්තයද ලබා තිබෙනවා. ඒ අනුව ලකුණු 120 ලබා අංක එක ඉන්දියාවද 60 ලබා අංක දෙක නවසිලන්තයද 60 ලබා අංක තුන ලංකාවද 56 ලබා අංක හතර ඕස්ට්‍රේලියාවද සිටිනවා.

අවසන් ටෙස්ට් තරගය 12 ආරම්භ වන අතර එය එංගලන්තය ජයගතහොත් ප්‍රසාද ලකුණු 24 ලැබීමෙන් එංගලන්තයත් ලකුණු 56 වන අතර ලංකාවේ තුන්වන ස්ථානය රැකගත හැකි. එහෙත් ඔස්ට්‍රේලියාව තරගය ජයගතහොත් ඔවුන් ලකුණු 80 වී දෙවන ස්ථානයට යන අතර ජය පරාජයෙන් තොර වුවත් ඔස්ට්‍රේලියාව 68 ක් වී දෙවන ස්ථානයට පත්වනවා.

ඒ අනුව අවසන් අලුබදුන තරගය එංගලන්තය ජයගැනීම ලෝක ටෙස්ට් ශුරතාවයේ ඉදිරියට යාමට ලංකාවට මහත් වාසියක් වනවා.

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!