Breaking News
Home / දේශීය පුවත් / අලුත් මන්ත්‍රීවරු පත් කරගන්නවා – නිදහස් පක්ෂ මහා ලේකම් ආයෙත් පොර ටෝක් දෙයි

අලුත් මන්ත්‍රීවරු පත් කරගන්නවා – නිදහස් පක්ෂ මහා ලේකම් ආයෙත් පොර ටෝක් දෙයි

පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගැනීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද (11) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රීක් සම්මේලනය අමතමින්.

ගිය සතියේ සිට විනය විරෝධිව වැඩ කරන සියල්ල පක්ෂයෙන් ඉවත් කරන බව ඔහු පවසනවා. අද නිදහස් පක්ෂයේ ඉදගෙන හෙට පොහොට්ටුවේ ඉදගන්න බැරි බවත් නිදහස් පක්ෂයට ලැබුන චන්ද වලින් මේ සියල්ල මන්ත්රිකම් දරන බවත් දයා සිරි පවසනවා.

දැඩි තීරණ ගැනීමට පසුගිය කාලය නොහැකිව සිටි නමුත් දැන් එම තීරණ ගැනීමට සුදානම බව මහා ලේකම් පවසනවා. පොහොට්ටු අයෙක් නිදහස් පක්ෂ රැස්වීමක වාඩිවී සිටියානම් ඔහු හෙට වන විට එලවා දමන බවත් පොහොට්ටු හිටපු බදුල්ල සංවිධායක නිදහ්ස්පක්ෂ පිරිතකට ආවයයි පවසමින් ඔහු ඉවත් කල බවද ඔහු මතක් කළා.

කෙසේ වෙතත් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු සහභාගී වි සිටියා. දයා සිරි පවසන්නේ විනය පරීක්ෂණ හෙට සිට අරභා ඔවුන් ඉවත් කර ඒ වෙනුවට අලුත් මන්ත්‍රීවරු පත්කරගන්නා බවයි.

කෙසේවෙතත් මේ කාරණා කොතරම් දුරට අත්තක් වේවිද යන්නනම් නැවත සිතා බැලිය යුත්තේ මොවුන් මෙවැනි සුරංගනා කතා කියූ පළමු අවස්තාව මෙය නොවන නිසයි. මොවුන් එකම කල්ලියක පිරිසක් වන අතර රටේ ජනතාව බෙදා වෙන්කර තබා ගැනීමට නොසැහෙන ආතල මාධ්‍ය සමග දීමට මොවුන් පුරුදු වී ඇත.

About article14

Check Also

රනිල් මිහින්තලා පුජා භූමියට රාත්‍රිය පහන් වන තුරු දවස් 365 ම විදුලි ආලෝකය දෙයි

ඓතිහාසික මිහින්තලා පූජා භුමිය 24 පැය පුරාවටම විදුලි ආලෝකවත් කිරිමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පියවර ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!