Breaking News
Home / දේශීය පුවත් / අලියාගෙන් ඉල්ලන්නේ නැ හදවත පිල කියද්දී කෘත්‍යාධිකාර රැස්වීමක් කැදවා දෙන ලෙස සජිත් රනිල් හමුවී ඉල්ලයි

අලියාගෙන් ඉල්ලන්නේ නැ හදවත පිල කියද්දී කෘත්‍යාධිකාර රැස්වීමක් කැදවා දෙන ලෙස සජිත් රනිල් හමුවී ඉල්ලයි

එක්සත් ජාතික පකෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් ලබන සදුදා (17) පැවැත්වීමට තීරණය කර තිබෙනවා. ඒ අද දිනයේදී පැවැත්වීම ඉල්ලීමක් කර තිබු පසුබිමක.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් මෙම විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විම පවත්වන්නේ කැදවන ලෙස විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කල ඉල්ලීමකට අනුවයි.

එක්සත් ජාතික පක්ෂයේ මූළිකත්වයෙන් පිහිටුවීමට යෝජිත පුලූල් සංධානයේ ලකුණ පිලිබදව පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ අදහස් ගැනීමට අවස්ථාවක් දෙන ලෙස විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා එක්සත් ජාතික පක්ෂ රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් අද දිනයේ සිරිකොත පැවැත්වූ මාධ්‍ය හමුවේදී ජාතික සංවිධායක නවින් දිසානායක පැවසුවේ අලියාගෙන් මිස වෙන ලකුණකින් තමන් තරග නොකරන බවයි. එසේම විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ හදවත යෝජනා කර ඇති නලින් බණ්ඩාර පවසන්නේ අලියාගෙන් ඔවුන් ඉල්ලන්නේ නැති අතර තම සන්ධානයෙන් ඔවුන් ඉල්ලන බවයි. එසේනම් වෙනම තීරණයක් ගන්නා බවයි.

කෙසේවෙතත් ඒ අනුව සජිත් ප්‍රේමදාස අද දිනයේ හදවත පිලේ මන්ත්‍රී පිරිස එකතුවී සාකච්චාවක් පවත්වන බව ආරංචි මාර්ග පවසන අතර වෙන්වන බව පවසමින් තර්ජනය කර ඉල්ලීම් දිනාගැනීමට පුරුදුව ඇති සජිත් ප්‍රේමදාස මෙවර එජාපයෙන් වෙන්ව මැතිවරණයට යාමට ඔහුගේ පිරිස සජිත්ට පීඩනයක් ගෙන දෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

මේ වන විට දෙලොවක් අතර සෘජු තීරණයක් ගැනීමට නොහැකිව අතරමංව සිටින විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ඉල්ලිමට ප‍්‍රතිචාර දක්වමින් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්තානයේදී විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නායක රනිල් පියවර ගෙන ඇත.

About article14

Check Also

නිහඬ වූ එජාපයේ ඉදිරි දේශපාලනය තීරණය කරන වාර්තාව රුවන් හදයි

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන් මාර්ගය සකස් විය යුතු ආකාරය සම්බන්ධයෙන් යෝජනා ඇතුළත් සම්පූර්ණ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!