Breaking News
Home / ක්‍රිඩා / අර්ජුන අතුරු කමිටුවක් පත්කරන්න කියයි මුස්තාපා බැ කියයි සිරිසේන මැදිහත්වී අර්ජුනට දෙහි කපා මුස්තාපාට තැන දෙයි

අර්ජුන අතුරු කමිටුවක් පත්කරන්න කියයි මුස්තාපා බැ කියයි සිරිසේන මැදිහත්වී අර්ජුනට දෙහි කපා මුස්තාපාට තැන දෙයි

කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා අතර, ඊයේ (24) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. ඒ, කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් අමාත්‍ය අර්ජුන රණතුංග කළ විමසීමකින් අනතුරුවයි.

ඔහු මීට පෙර කි‍්‍රඩා අමාත්‍යවරයාට කි‍්‍රකට් ආයතනයේ කටයුතු නිසි බලධාරියෙකු යටතට පැවරීමකින් තොරව ඒ සඳහා අතුරු කමිටුවත් පත් කරන ලෙස ප‍්‍රකාශ කර තිබුණා. මේ පිළිබඳව ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා වී ඇති අතර ඒ පිළිබඳ අදහස් දක්වමින් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන් නීතිපතිවරයාගේ නියමයන්ට අනුව කටයුතු කරන බවයි.

කි‍්‍රකට් නිලවරණය සම්බන්ධයෙන් කි‍්‍රඩා අමාත්‍යවරයා නිසිලෙස කටයුතු කර නොමැති බවයි අර්ජුන රණතුංග අමාත්‍යවරයා කැබිනට් මණ්ඩල රැස්වීමේදී පවසා ඇත්තේ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් කී‍්‍රඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ තමන්ද ජනාධිපති නීතිඥයෙක් බවත් තමන්ද නීතිය හරි හැටි දන්නා බවත් කි‍්‍රකට් නිලවරණය නීතියට අනුව සිදු කරන බවයි. ඒ සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාද ඊට මැදිහත් වී තිබෙනවා.

ජනාධීපතිවරයා එහිදී අර්ජුණ රණතුංග අමාත්‍යවරයා වෙත පවසා ඇත්තේ කී‍්‍රඩා අමාත්‍යංශයේ කටයුතුවලට සම්බන්ධ නොවී තමන්ට පැවරී ඇති රාජකාරී නිසි ලෙස ඉටු කරන ලෙසයි.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කඩිනමින් පවත්වා ඊට නිලධාරීන් පත්කරන ලෙසද ජනාධිපතිවරයා කී‍්‍රඩා අමාත්‍යවරයා වෙත මෙහිදී සඳහන් කර තිබෙනවා. ඊට පත්වන පුද්ගලයින් කවුරුන්ද යන්න තමන්ට අදාළ නොමැති බවත් නිලවරණය කඩිනමින් පවත්වා නිලධාරීන් පත්කරන්නැයිද ජනාධිපතිවරයා මෙහිදි කී‍්‍රඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා වෙත පවසා තිබෙනවා.

About article14

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!