Breaking News
Home / දේශීය පුවත් / අර්ජුන් මහේන්ද්‍රන් රට ගියාට පස්සේ කිසිම සම්බන්ධක් නැ මගේ නිතිඥයින් මට දැනුම් දුන්නා. ඔහුට විශේෂ අධිකරණයේ නඩු පවරයි – අගමැති රනිල්

අර්ජුන් මහේන්ද්‍රන් රට ගියාට පස්සේ කිසිම සම්බන්ධක් නැ මගේ නිතිඥයින් මට දැනුම් දුන්නා. ඔහුට විශේෂ අධිකරණයේ නඩු පවරයි – අගමැති රනිල්

පර්පචුවල් ටේ‍රෂරිස් සමාගම මහ බැංකුවට කළ පාඩුවට අදාළ මුදල් ගෙවු පමණින් ඔවුන් කළ අපරාධය අවසන් වන්නේ නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි ඊයේ (05) ප්‍රකාශ කළේය.

මහබැංකුවට අලාභ වූ මුදල් යළි අය කර ගන්නා ලෙස දැනුම් දුන්නේ ඒ ගැන පරික්ෂණ කළ ජනාධිපති කොමිසමෙන් බව කී අගමැතිවරයා කීවේය. අර්ජුන් මහේන්ද්‍රන් රට ගියාට පස්සේ කිසිම සම්බන්ධතාවයක් පැවැත්වූවේ නැහැ මාගේ නිතිඥයින් දැනුම් දුන්නා කිසිම සම්බන්ධයක් පවත්වන්න එපා කියලා යැයිද අගමැතිවරයා සඳහන් කළේය.

අර්ජුන මහේන්ද්‍රන් විදේශගතව සිටිනම් ඔහු ගෙන්වා ගැනිමේ සියලූ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. රජයේ නිතිඥවරුන්ට සහ පොලිසියට පරික්ෂණ නිදහසේ කරගෙන යන්න ඉඩදීලා තියෙනවා යැයිද අගමැතිවරයා පැවසීය. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අගමැතිවරයාගෙන් සෘජුව ප්‍රශ්න අසන අවස්ථාවේ ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

එහිදි අනුර දිසානායක මහතා මුදල් ආපසු ගත් පසු අපරාධය අවසන් වනවාද සිංගප්පුරුවේදි අර්ජුන් මහේන්ද්‍රන් හමුවුනාද යනුවෙන් විමසා
සිටියේය.

මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයට පිළිතුරු දුන් අගමැතිවරයා මෙසේ ද කීය. මහාභාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2017 දෙසැම්බර් 30 වන දින ජනාධිපතිතුමන් වෙත බාර දුන්නා.

එකී වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වන නීතිපතිතුමා වෙත හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පිළිවෙලින් 2018.01.02 සහ 2018.02.10 වන දින ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් එම වාර්තාවේ පිටපත් යොමු කර තිබෙනවා.

එකී වරදකරුවන්ට දඩුවම් ලබාදීම දැනට පවත්නා නෛතික ප්‍රතිපාදනවලට අනුකඣලව සිදු කරනු ඇති. 2018 අංක 09 දරණ අධිකරණ සංවිධාන (සංශෝධන) පනතේ විධිවිධාන අනුව, පනතේ සඳහ් වන වැරදි සඳහා විශේෂ මහාධිකරණයේ නඩු පැවරීම, නිතිපති හෝ අල්ලස්හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විධානය මත එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අදාළ විස්තර අගවිනිසුරු වෙත යොමු කිරීමෙන් පසුව අගවිනිසුරුවරයා විසින් ඒ පිළිබඳව තීරණයක් ගන්නවා ඇති.

About article14

Check Also

ලක්ෂමන් යාපා ඇතුළු පොහොට්ටුව දෙමල සන්ධානය හා එජාපය අතර රහස් ගිවිසුමක් ඇතැයි දිගින් දිගට බොරු කිවොත් නාමල් හා පොහොට්ටුව තමන්ට දුන් පොරොන්දු හෙළි කරන්න යයි

එක්සත් ජාතික පක්ෂය සමග රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කලහොත් පොදුජන පෙරමුණ තමන්ට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!