Breaking News
Home / Video / අර්ජුන් මහෙන්ද්‍රන් සිංගප්පුරු ජාතිකයකු වුවත් බැඳුම්කර සිද්දියට අත් අඩංගුවට ගන්නට හැකිබව නීතිපති පවසයි

අර්ජුන් මහෙන්ද්‍රන් සිංගප්පුරු ජාතිකයකු වුවත් බැඳුම්කර සිද්දියට අත් අඩංගුවට ගන්නට හැකිබව නීතිපති පවසයි

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී නීතිපතිවරයා ප්‍රකාශ කළේ, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විදේශිකයකු වුව ද අපරාධමය වරදකට සම්බන්ධවී ඇත්නම් මෙරට නීතිය යටතේ ඔහුට නඩු පැවරිය හැකි බවයි.

අද සිලෝන්ටුඩේ පුවත්පත නීතිපතිවරයා උපුටා දක්වමින් වාර්තාකර ඇත්තේ, දැනට සිංගප්පුරුවේ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඕනෑම අවස්ථාව අත්අඩංගුවටගත හැකි බවයි.

එම පුත්පත් වාර්තාවේ වැඩි දුරටත් දැක්වුයේ, ඔහු සිංගප්පුරුවැසියකු බැවින් අත්අඩංගුවටගත නොහැකි බවට විවිධ මත පළවී තිබුනත් ශ්‍රී ලංකාවේ දැනට පවතින නීති අනුව ඔහු අත්අඩංගුවටගත හැකි බව නීතිපතිවරයා පෙන්වාදී ඇති බව ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී නීතිපති ජයන්ත ජයසුරීය මහතා පෙන්වා දුන්නේ, බැඳුම්කර විමර්ශන වාර්තාව පදනම් කරගෙන පමණක් බැඳුම්කර වංචා සම්බන්ධව නඩු ගොනු කළ නොහැකි බව ය.

කොමිසමට ඉදිරිපත් වූ ලිඛිත හා වාචික සාක්ෂි සටහන් මේ වන විට පරීක්ෂා කිරීම ආරම්භ කර ඇති බව ද නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර බරපතළ වංචා දුෂණ විමර්ශන ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාවෙන් හිටපු අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට හා දේශපාලඥයන් පිරිසකට චෝදනා එල්ලවී ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

ජනාධිපති ලේකම්වරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ, අභියාචනාධිකරණ සභාපති ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසම සිය වාර්තා අවස්ථා දෙකකදී ජනාධිපතිවරයා වෙත ලබාදුන් බව ය.

චෝදනා එල්ලවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද යන්න පිළිබඳව අප කළ විමසීමකදී ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේ, අදාළ වාර්තා නීතිමය පියවර ගැනීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවයි.

 

About lanka

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!