Breaking News
Home / පුවත් සාරාංශ / අර්ජුනට බාල තෙල් නැව ගන්න කියලා බලපෑම් කලේ එජාපේ ජාතික ලයිස්තු වයසක දූෂිත ප්‍රභල ඇමතියාද?

අර්ජුනට බාල තෙල් නැව ගන්න කියලා බලපෑම් කලේ එජාපේ ජාතික ලයිස්තු වයසක දූෂිත ප්‍රභල ඇමතියාද?

බාල තෙල් ගෙන ආ IOC සමාගමේ තෙල් රටට භාර ගන්නා ලෙස තමාට දේශපාලන බලපෑම් ඇතුළු බලපෑම් ගණනාවක් පැමිණි බවත් එම බලපෑම් වලට තමා යට නොවූ බවත් ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටිනවා.

කොළඹ දි පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඇමතිවරයා පවසා සිටියේ, යම්හෙයකින් එම බාල තෙල් රටේ තෙල් ටැංකිවල තෙල් සමඟ මිශ්‍ර වූවා නම් ප්‍රශ්නය තවත් උග්‍රවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

“මම තමුන්නාන්සේලාට කියන්න ඕන ඇමතිවරයා හැටියට නෙමෙයි මේ රටේ පුරවැසියෙක් විදියට මට විශාල බලපෑමක් ඇති වුණා මේ තෙල් නැව බාර ගන්න කියලා. ඒවගේ නෙමෙයි මට දේශපාලන බලපෑම් පවා ආවා. නමුත් මම ඒ ගැන ජනාධිපතිතුමායි, අගමැතිතුමාවයි දැනුවත් කළාම ඔවුන් මට උපදෙස් දුන්නේ  මට හරි දේ කරන්න කියලා. මම මේ නැව ඇතුලට දැම්මා නම්, අද තියන ප්‍රශ්නයත් නිර්මාණය වෙලා තියනවා. මම ඇමතිවරයා විදියට වගකීම බාර ගන්නකම් මම සමාව ඉල්ලනවා ජනතාවට මේ වෙලා තියන අපහසුතාවය ගැන. නමුත් අනිත් පැත්තෙන් මම මේ නැව ඇතුලට දාලා මේ තෙල් අපේ ටැංකි වලට මිශ්‍ර වෙලා ගැහුවා නම් මේ රටේ විශාල අර්බුදයක් නිර්මාණය වෙන්න තිබුණා,” අමාත්‍යවරයා පවසා සිටියා.

“අද වෙනකොට මේ නැව දැන් දවස් 16 ක් තිස්සේ ත්‍රිකුණාමලයේ නවතා ගෙන ඉන්නවා කොහොමහරි මේ තෙල් ටික රටට පටවන්න. යම් හෙයකින් යම් තෙක් තෙල් නැවක් ප්‍රතිකේෂ්ප වුනොත් ඒ ආයතනයට තියනවා වගකීමක් තියනවා අතිරේක තෙල් නැවක් ලබ දෙන්න. ඔක්තෝබර් 31 සහ 1 යන දින වල අපිට තෙල් නැවක් ලබා දෙන්න පොරොන්දු වුණා. දින කිහිපයකට පස්සේ ඒ ගොල්ලෝ අපිට කිව්වා ඒක අපිට දෙන්න බැහැ කියලා. අපි තෙල් සංස්ථාව මගින් පෙට්‍රල් නැවල් ගෙන්වන්න හිටියා නොවැම්බර් 3, 4 දින වල. මේ වෙන කොට ඒක දින 6ක් ප්‍රමාද වෙලා තමයි මෙ රටට එන්නේ. කිසිම දවසක ඉතිහාසයේ පෙට්‍රල් නැවක් මේ තරම් ප්‍රමාද වෙලා නෑ. මේක පළමු අවස්ථාව මේ පහුගිය අවුරුදු 3, 4 ටම. ඒ වගේම තවත් සුවිශේෂ සිදුවිමක් තමයි අපේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ විදුලිය බිද වැටීමක් වුණා පහුගිය ඔක්තෝබර් 31 වෙනිදා. ඒනිසා අපිට දින තුනක් ඒකේ වැඩ නවත්වන්න වුණා. ඒ නිසා දවසකට මෙට්‍රික් ටොන් 550ක් දවසට නිෂ්පාදනය කරන එක අපිට කර ගන්න බැරි වුණා,” ඇමතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.

Arjuna Ranatunga

About article14

Check Also

හතුරුසිංහ පුහුණුකාර දුරයෙන් ඉවත් කිරීමට කණ්ඩායමේ විරෝධය දක්වලා

ලෝක කුසලාන තරග මාලාවේ ලැබූ පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු කාර්ය මණ්ඩලය ඉවත් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!