Breaking News
Home / දේශීය පුවත් / අරලියගහ මන්දිරෙන් ඉවත්වනවානම් ආරක්ෂාව සලසන්නම් යයි ගෝඨා කියලා පාර්ලිමේන්තුවෙන් විසදන්න මං යන්නම් රනිල් කියලා. ගෝඨා රනිල් හමුවේ ඇත්ත කතාව

අරලියගහ මන්දිරෙන් ඉවත්වනවානම් ආරක්ෂාව සලසන්නම් යයි ගෝඨා කියලා පාර්ලිමේන්තුවෙන් විසදන්න මං යන්නම් රනිල් කියලා. ගෝඨා රනිල් හමුවේ ඇත්ත කතාව

පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි සහ රටේ නිත්‍යානුකූල අගමැති වන තමා කිසි ලෙසකින්වත් අරලියගහ මැදුරෙන් ඉවත් නොවන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙරේදා (31) රාත්‍රියේ දැනුම් දී ඇත.

හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර දුරකථන සංවාදයකින් පසුව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙරේරා රාත්‍රියේ (31) අරලියගහ මැදුරට පැමිණ ඇත.

අරලියගහ මන්දිරයෙන් පිටව යන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සදහා ගතයුතු පියවර සාකච්ඡා කළ හැකි බව හිටපු ආරක්ෂක ලේකම්වරයා එහිදී සැලකළ බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නිකුත් කළ ට්ව්ටර් පණිවිඩයේ තව දුරටත් සදහන් වන්නේ අරලියගහ මැදුරෙන් පිටව නොයන බවත් නිත්‍යානූකුල අගමැතිවරයා වන තමන් ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බවත් හිටපු අගමැති පැවසු බව සදහන්.

රනිල් වික්‍රමසිංහ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුව විනාඩි කිහිපයකට සීමා විනැයි වැඩිදුරටත් වාර්තාවේ.

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!