තමන් කිසිවක් අසුබවාදීව නොදකින බවත් ධනාත්මක චින්තය පිළිබඳ විශ්වාසය තබන බවත් එක්සත් ජාතික පක්ෂ නියොජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් ඊයේ (13දා) පැවැති අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“සංවිධාන වැඩපිළිවෙළ සාකච්ඡා කළා. ශක්තිමත් දේශපාලන ගමනක් ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න ගැන ක්රමෝපායන් ක්‍රමවේද ගැන අපි සාකච්ඡා කළා.
අපේ රටේ කථා කිරීමේ නිදහස තිබෙනවා. මතයක් දැරිමේ නිදහස තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවදි ක්‍රමවේදය තුළ ඕනෑම තෙනෙකුට තමන් විශ්වාස කරන මතයක් දරන්න ඉඩ තිබෙනවා.
සත්‍ය කවදා හෝ ජයගනියි. අපේ දේශපාලන ගමන අනාගතය තීන්දු වන්නේ තවත් නෙනෙකුගේ අපේක්ෂකත්වය මත නෙමෙයි. අපේ ප්‍රතිපත්ති, දර්ශනය අනුවයි. මම කිසිදෙයක් අසුෙවාදීව සිතන්නේ නෑ. මම ධනාත්මක චින්තනය විශ්වාස කරන කෙනෙක්”
ඊයේ මාධ්‍යහමුවක් තබමින් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සජිත් ප්‍රේමදාස මෙන්ම ගෝටාභයද විවේචනය කල අතර නමුත් සජිත් ප්‍රේමදාස පිළිබද විනයක් නැති අයෙක් ලෙස සදහන් කරමින් දැඩි විවේචනයක් කළා. එක අයෙක් පක්ෂයෙන් නම් කල අතර අනෙක් කෙනා තමන්ම ජනපති අපේක්ෂකයා බව නම් කරගෙන ඇති බවද පැවසුවා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරේ විශේෂ සාකච්චාවක් එජාපයේ ජෙෂ්ටයන් පැවැත්වූ පසු කලින් තිබු යම් සජිත්ගේ අපේක්ෂක කම හයිජැක් කිරීමේ හදීසිය තරමක් පහව ගොස් ඇති බව පෙනේ. දැනට වසර 15 ක පමණ සිට සජිත් රටේ ජනපතිකම හා එජාප නායක කම බලහත්කරයනේ කැරලි ගසා ලබා ගැනීමට උත්සහා දරමින් සිටින අතර ඔහුගේ සුදුසුකම ලෙස ඔහු නිතර පවසන්නේ ඔහු ආර් ප්‍රේමදාසගේ පුතා වීම පමණකි.