Breaking News
Home / Video / අරගලය ජයගයි. කිරිඇල්ල රාජිත එස්.බී කකුලෙන් ඇදපු සයිටම් ගැටළුව හර්ෂගේ නිර්දේශයෙන් නිම කරයි

අරගලය ජයගයි. කිරිඇල්ල රාජිත එස්.බී කකුලෙන් ඇදපු සයිටම් ගැටළුව හර්ෂගේ නිර්දේශයෙන් නිම කරයි

දෙසැම්බර් 31 වන දා වන විට සයිටම් ආයතනය අහෝසි කරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය, හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමෙන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

නියෝජ්‍ය අමාත්‍ය, අචාර්ය හර්ෂ ද සිල්වා,

උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත් කළ 2017 සැප්තැම්බර් 17 දින ලිපියෙන් සයිටම් ආයතනයට අලුතින් වෛද්‍ය සිසුන් බඳවා ගැනීම අත්හිටුවා ඇත. මෙම අත්හිටුවීම දිගටම ක්‍රියාත්මක වෙනු ඇත. ඒ නිසා සයිටම් ආයතනය සඳහා කිසිඳු ආකාරයකින් සිසුන් බඳවා ගනු නොලැබේ. ඒ සමගින් සයිටම් ආයතනය අහෝසි කිරීමට ක්‍රියාකරනු ඇත. අහෝසි කිරීමට නියමිත සයිටම් ආයතනය වර්ථමාන වෛද්‍ය ශිෂ්‍යන් හට ඔවුන්ගේ අධ්‍යන කටයුතු සම්පූර්ණයේන් ම නිම කළ යුත් ආකාරය පිළිබඳව ජනාධිපතිතුමා විසින් අලුතින් පත් කරන ලද ක්‍රියාක්මක කිරීමේ කමිටුව විසින් සාකච්ඡා කර නිර්දේශ කරණු ඇත. තුන ඉහත සඳහන් සියලුම ක්‍රියා පිළිවෙත් 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ ප්‍රතිපාදන අනුව හා අදාළ අනෙකුත් නීති අනුව සිදු කරණු ඇත. මෙය මගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරලා තියෙන්නේ කමිටුවේ සභාපති හැටියට. අපි බලාපොරොත්තු වෙනවා සියලු පාර්ශව සමග සාකච්ඡා කරලා, සයිටම් ආයතනය සමග සාකච්ඡා කරලා ගත්ත මේ තීරණය ධණාත්මක තීරණයක්. රජය බොහෝ වෙහෙසුනා මධ්‍යස්ථ තැනකට එන්න. රජය හැටියට අපි ඉල්ලීමක් කරනවා ප්‍රජාත්‍රන්ත්‍රවාදීව දැන්මේ එකඟතාවන්ට අනුව ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු නිවේදනයට අනුව ඉස්සරහට යන්න දෙසැම්බර් මාසේ 31 වෙනි දා වෙනකොට ඉවර කරන්න සියලු දෙනාගේ සහයෝගය ලැබෙයි කියලා.

 

මේ අතර වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සයිටම් විරෝධී උපවාසය පැවැත්වෙන ස්ථානයට පැමිණි සිසුන් හා දෙමව්පියන් හමු විය.

උපවාසය හින්දා නෙමෙයිනේ මේ තරම් දුරට අපි ආවේ. තිබුනාට වඩා තත්ත්වය ඉතාම අපි ළඟට ඇවිත්නේ දැන් ඉතිං මේ උපවාසය නිසා මේ සටන ජයගත්තා කියන නිගමනයට නම් මම එළඹෙන්නේ නෑ. බලන්න මිත්‍රයා පියවරනේ පියවර අපි කියපු තැනට රජය යොමුවෙනවා. ඒක නෑයි කියන්න බෑනේ. විභාගයකට පෙනී සිටින්න ඕන ප්‍රමිතියකට අනුව පුහුණුව ලබන්න ඕන ඒවා අපේ ජයග්‍රහණ රජය ඒකට සවන් දෙනවා. මම මේ සහෝදරවරුන්ට කියන්නේ අනේ ජීවිත පූජාකරන්න නම් එපා මේ වේලාවෙ එසේ කිරීම අපිට ධෛරයක් ගෙන දෙන්නේ නැහැ. අපිට ශෝකය මුසු කලකිරීමක් ඇති කරනවා.

 

About article14

Check Also

අද ලැබුන තීන්දුව සමග මහින්ද අගමැතිධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බව පැතිර යන ආරංචියේ ඇත්ත නැත්ත ගැන ඔහුගේ පුත් නාමල්ගෙන් ප්‍රකාශයක්

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!