Breaking News
Home / දේශීය පුවත් / අයවැය 119-76 ලෙස එජාපය ජයගයි. ඔක්තෝබර් 26 මහින්දට සිටි මන්ත්‍රීන් 29 ක් අහිමි වෙයි තොන්ඩමන් එජාපයට සහය වෙයි. දෙමල සංධානය පක්ෂයි. සිරිසේන පිලේ 29 ඇබ්සන්ට්

අයවැය 119-76 ලෙස එජාපය ජයගයි. ඔක්තෝබර් 26 මහින්දට සිටි මන්ත්‍රීන් 29 ක් අහිමි වෙයි තොන්ඩමන් එජාපයට සහය වෙයි. දෙමල සංධානය පක්ෂයි. සිරිසේන පිලේ 29 ඇබ්සන්ට්

අයවැය දෙවනවර කියවීම වැඩි චන්ද 43 ක් සහිතව එජාපය ජයගෙන තිබෙනවා. එසේම අයවැය චන්ද විමසීමට පෙර පොහොට්ටු සභාපති ජි එල් පිරිස් පැවසුවේ මෙය සම්මත වීම ඉතා අවිනිශ්චිත බවයි. එසේ වුවොත් ඔවුන් ආණ්ඩුව බාර නොගන්නා බව පිරිස් කියා සිටියත් පහසුවෙන් ජයගන්න එජාපයට හැකිවුනා.

සිරිසේන පිලේ 29 පාර්ලිමේන්තුවට නොපැමිණි අතර එයට ලේකම් දයාසිරි අමරවීර වැනි 29 එයට අයත්. නමුත් එම පිලේ සිටි මුතුහෙට්ටිගම විපක්ෂව චන්දය ප්‍රකාශ කළා. මහින්ද මහතා අයවැයෙන් පසු පැවසුවේ සිරිසේනගේ වැය ශීර්ෂය පරාජය කරාවියැයි ඔවුන් බයවෙන්න ඇති කාට කියන්නද යනුවෙන්.

පොහොට්ටුවට සහය දැක්වූ කම්කරු කොන්ග්‍රසයේ තොන්ඩමන් හා සිවලිංගම් එජාපයට සහය වුවා. එසේම ඔක්තෝබර් 26 සිටි පිරිසෙන් මහින්ද පිලට මන්ත්‍රීන් 29 ක් අහිමිවී ඇති බව සරලව විශ්ලේෂණයකින් දැකිය හැකි. නිදහස් පක්ෂ කණ්ඩායමේ සිටියේ පළමුවෙන් 16 වන අතර නමුත් එය දැන් 29 දක්වා වැඩි වී ඇතැයි පෙනියනවා.

එසේම තොන්ඩමන්ගේ මන්ත්‍රීන් දෙදෙනාත් අහිමව තිබෙනවා. පොහොට්ටු මන්ත්‍රීන් ලේකම් දයාසිරි විවේචනය කරන අතර ඔහු සංයමයෙන් කතා කලයුතු බවයි ඔවුන් පවසන්නේ. එසේම අයවැය පරාජය කිරීමට සුදානමක් ඇති බව ජි එල් පිරිස් සමග බන්දුල කිවත් සවස ඔහු කිවේ අපි එහෙම සංවිධානය වුනේ නැ සම්ප්‍රධාය අනුව විපක්ෂ වුනා යනුවෙන්.

කෙසේ වෙතත් ජවිපෙ සියලු මන්ත්‍රීන් අයවැයට විරුද්ද වුවා. මෙම සිද්දියත් සමග සියලු පක්ෂ වල අභ්‍යන්තර දේශපාලන ගැටළු ඇතිවී ඇති බව පෙන්නුම් කරන සිද්දියක්. අපට මෙම සිද්දීයෙන්ද තේරුම් ගත හැකි සිද්දිය වන්නේ ගැලරියට දේශපාලනය කරන උදවියට දේශපාලනයේ ඇති බලය පිළිබද දැඩි ප්‍රශ්නයක් පවතින බවයි.

About article14

Check Also

නිරාගමික මංගලගේ මතයට රනිල්ගෙන් කනේපහරක්

ථෙරවාදී බුදු දහම නිසා මෙරට ශිෂ්ටාචාරයත් සිංහල ජාතියත් බිහි වූ බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!