Breaking News
Home / දේශීය පුවත් / අම්මටහුඩු ඒක මාරු මහින්ද ඔය ඔක්කොම කලානේ – මහාචාර්ය කාලෝ කියපු කතාවක්

අම්මටහුඩු ඒක මාරු මහින්ද ඔය ඔක්කොම කලානේ – මහාචාර්ය කාලෝ කියපු කතාවක්

මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් මට මුලින්ම මුණ ගැසුනේ මා කැළණිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකුව සිටි අවදියේ දී ය. මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විසින් දෙසතිය සඟරාවේ කවරයේ කතාවක් පළ කිරීම සඳහා සුදානම් ව සිටියේය. ඔහු විසින් එවකට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වෙමින් තිබු කාමුක සඟරා පිළිබඳව ලිපියකට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට එවකට සිසුන්ව සිටි අප කිහිප දෙනෙකුට පවරණ ලදී.

ඒ අනුව මා හට පවරණ ලද වගකීම වුයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාත්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාත් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඔවුන් එම කාම සඟරා සම්බන්ධයෙන් පළ කරන අදහස් විමසීමත්ය.

පළමුව මම මහාචාර්ය මහේන්ද්‍රයන් හමුවු අතර එහිදී ඔහු කියා සිටියේ එවැනි සඟරා අතීතයේත් තිබු බවත්, එමගින් කිසියම් සමාජ මෙහෙවරක් සිදුවන බවත් ය. අවසන් වශයෙන් ඔහු කියා සිටියේ ද්වජභංගය, නෂ්ඨකාමය වැනි රෝගවලින් පෙළෙන්නන්හට ලිංගික කටයුතු සඳහා පොළඹවා ලීමක් මෙවැනි සඟරාවන් මගින් සිදුවිය හැකි බවයි.

අනතුරුව මම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගොස් මහාචාර්ය කාලෝ හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබා ගතිමි.“ඔයා වෙන කා එක්කද මේ ගැන කථා කළේ.“මම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් එක්ක කතා කළා සර්.” මම කීවෙමි.

“මිනිහා මොකද කියන්නේ”“සර්. එයා කියන්නේ මේ සඟරා වලින් යම් සමාජ මෙහෙවරක් වෙනවා කියළයි.. විශේෂයෙන් නෂ්ඨකාමය, ද්වජභංගය වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ අඩාල වු පවුල් සංස්ථා මෙවැනි සඟරා කියැවීම තුළින් යථා තත්ත්වයට පත්වන බව.”

“මිනිහා එහෙම කිව්ව ද? කියමින් මා දෙස බැලු මහාචාර්ය කාලෝ “ඔය ළමයා කසාද බැඳලද”?“නෑ.. සර්.. මම තාම ඉගෙන ගන්නවා.”මේ වනවිට මහාචාර්ය කාලෝගෙන් යම් යම් දේවල් අසා දැනගැනීම සඳහා වෛද්‍ය සිසු සිසුවියන් පහලොස් දෙනෙක් පමණ අප සිටි තැනට රොක්ව සිටියේය. “ඔයා.මං කියන දේ ලියන්ඩ ඕනෑ.කැපුවොත් මං එනවා දෙසතිය කර්තෘ හමුබ වෙන්ඩ හරිද?” “හොඳයි සර”

“ඇයි යකෝ. මොකක්ද ද්වජභංගය කියන්නේ මොකක්ද නෂ්ඨ කාමය කියන්නේ ද්වජභංගය කියන්නේ කොඩිය පහත වැටීම කියන එකනේ.. පණ පිටින් ඉන්න ගෑනියෙකුගේ අවයවේ දැකළා කෙළින් වෙන්නේ නැති එකෙකුට සඟරාවක් කියවළා කෙළින් වෙයිද..?”

මගේ ඇඟ ගැහෙන්නට විය ගමේ සිට පැමිණි ගැමියෙකු වු මා හට මේ මහාචාර්යවරයා කිසිදු පැකිලීමකින් තොරව කියන කතාව සිතාගන්නටවත් නොහැකිය

“අනික මොකක්ද කුනුහරුප කියන්නේ ගෑනු මිනිස්සු සංසර්ගයේ යෙදෙන එක කුනුහරුපයක්ද? එහෙම නම් මේ ලෝකේ ඉන්න ජීවින් සියලු දෙනාම කුනුහරුපයක ප්‍රතිපලයක් ද? එහෙම නම් ඒක හොඳයිනේ. කුනුහරුප වැඩේ නිසා කොච්චර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ලෝකෙට බිහිවෙලා තියෙනවාද.? ඇයි ඔය සඟරාවලට ඔච්චර බය පුතා කුනුහරුප කියන්නේ මාධ්‍යම පන්තික බොල් හරයක් විතරයි

අනික ගෑනු මිනිස්සු සංසර්ගයේ යෙදෙන කොට කියන්නේ පිරිත් ද..? එතකොට කියන්නේ කුනුහරුප තමයි පිරිත් කිය කියා සංසර්ගයේ යෙදෙන්න පුලුවන්ද? එතකොට ඒක ෆීල් වෙනවද..? දැං ඇති උඹ පළයං මට තවත් කුනුහරුප කියවෙයි”

ඒ මහාචාර්ය කාලෝ ගේ හැටිය. ඉන් අනතුරුව එතුමා මට හමුවන්නේ මා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටින විටය. දිනක් රාගම රෝහලේ සිට එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ මහාචාර්ය කාලෝ සමග එකම වාහනයේ කොළඹ දෙසට එමින් සිටියෙමි.

“මහී මට දැන් සමහර දේවල් අමතක වෙනවා වාගේ දැනෙනවා මට හිතෙනවා මං වයසට ගිහින් කියළා” “ඒක සාමාන්‍ය දෙයක් නේ සර්” “මහී… උඹ ලඟදී පොත් එහෙම කියෙව්වේ නැද්ද.?”

“මම අබ්දුල් කළාම් මහත්තයා ගේ චරිත කතාව කියෙව්වා සර්ට බැරි වුනාද අබ්දුල් කළාම් මහත්තයාගේ චරිත කතාව කියවන්න” “ම් ම් මට මතක නෑ” කියමින් ටික වේලාවක් නිහඬව සිටි කාලෝ එක හුස්මට මතකයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් විනාඩි පහක් පමණ කියවා ගෙන කියවා ගෙන ගියේය

“ඒක තියෙන්නේ මහී අබ්දුල් කළාම් චරිතාපදානයේ ද..”? “ඔව් නේ සර් සර් ට ඒකේ ප්‍රස්ථාවනාව කටපාඩම් නේ” “ඔව් මහී ඒත් මං දැනගෙන හිටියේ නෑ ඒක ඒ පොතේ කොටසක් කියළා” යි කී කාලෝ සිනාසුනේය.

“අනික මහී.. දැන් අපි අවුරුදු 75කට වැඩි කාලයක් අපේ Free Healthcare system එක ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒත් අපි ලබාගෙන තියෙන ප්‍රගතිය මොකක්ද? ඉස්පිරිතාල පිරිලා ලෙඩ්ඩු රටේ ඉන්නේ ඔක්කොම ලෙඩ්ඩු ද කියළා හිතෙනවා”

“ඇයි සර් එහෙම කියන්නේ. අපේ Vaccination Programme එක හින්දා මිනිස්සුන්ගේ Life Expectancy Rate එක ඉහළ ගියා අනික තමයි අපි මේ වෙන කොට Communicable diseases ගණනාවක් Eradicate කරන්ඩ පුලුවන් වුනා ඒවා නිදහස් සෞඛ්‍ය ක්‍රමයේ ප්‍රතිපලනේ”

“මහී ඔයා හිතන්නේ අපේ සමස්ත ආයු අපේක්ෂාව ඉහළ ගියේ Health System හොඳකම හන්දා කියළද.?” “ඒක නේ සර්.” “නෑ මං හිතන්නේ දුප්පත්කම හින්දා කියළා.” “දුප්පත්කම හින්දා කොහොමද සර් ආයුෂ වැඩිවෙන්නේ..”

“මහී.. අපේ රටේ තියෙන්නේ රෝග වර්ග තුනයි. එකක් හැදෙන ලෙඩ. අනික හදාගන්න ලෙඩ.. අනික දාගන්න ලෙඩ. ඔය කැස්ස , හෙම්බිරිස්සාව, උණ වාග ඒවා හැදෙන ලෙඩ. පාචනය, දියවැඩියාව, පිලිකා වාගේ රෝග හදාගන්න ලෙඩ.. දාගන්න ලෙඩ තමයි ඒඩ්ස්, ගොනෝරියා , සෙපිලිස් වාගේ ඒවා එතකොට අද රටේ වැඩිපුර මිනිස්සු මැරෙන්නේ හෘද රෝග, ශ්වාසනාල පද්ධතිය ආශ්‍රිත රෝගවලින්.

දියවැඩියාව පිලිකා වාගේ රෝගවලින් වැඩිපුරම මැරෙන්නේ කට හින්දා… නොගැලපෙන ආහාර නොගැලපෙන විදියට කන හින්දා.. එහෙම බලන කොට දුප්පත් මිනිහාට උදේ, දවල්, රෑට හැර වෙන අතරමැදි වෙලාවල් වල කන්ඩ ලැබෙන්නේ නෑ.. අනික ඔය ලෙඩ හදන කෑම දුප්පත් මිනිස්සුන්ට නෑ ඒ හින්දා අපේ ආයුෂ වැඩි වුනේ දුප්පත්කම හින්දා කියළයි මං හිතන්නේ…”

මහාචාර්ය කාලෝ සෑම විටම සිතන්නේ අනිත් අය හිතන විදියට නොවේ. එතුමා සතුව තිබු මහා බුද්ධිමය හැකියාව අපේ රටේ කිසිදු රජයක් තේරුම් ගත්තේ නැත. ඉන්දියාව අබ්දුල් කළාම් වැනි ප්‍රාඥයෙක් රටේ ඉහළම තනතුර සඳහා තෝරා ගනිද්දි, අපේ රටේ මිනිස්සු මහාචාර්ය කාලෝ වැනි බුද්ධිමතුන් දෙකේ කොළයට දා සැළකීය. ගොම වැරටි මතුවී තිරිවානා ගල් යට යන යුගයක මහාචාර්ය කාලෝ වැනි ප්‍රාඥයෙකුගේ වැදගත්කම රටේ කිසිවෙක් තේරුම් ගත්තේද නැත.

මහාචාර්ය කාලෝ මට අන්තිමට හමුවුයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දීය මම දුටු වහාම “මම ඔය ළමයා දැකළා තියෙනවා ඔය ළමයා කව්ද ”?

“සර් මම නේ” මම කීවෙමි“ආ ඔව් දැන් මතක් වුනා මට අර පඩිපේළිය නගින්ඩ බෑ.ඒ හන්දා මං ආපහු යනවා. මම ආවේ අහවල් කෙනා මුනගැහෙන්ඩ.මිනිහා මොකක්ද සාකච්ඡාවකලු මට බෑ ඒ මනුස්සයා එනකල් ඉන්ඩ මං යනවා…”

“සර් සර් ලඟක දී පොත් එහෙම කියෙව්වේ නැද්ද.?” “ඔය ළමයා කියෙව්වද.?” “ඔව් සර් මං ලගදි දහවෙනි වතාවටත් පංචතන්ත්‍රය කියෙව්වා.” “පංචතන්ත්‍රය කියන්නේ විශ්නු ශර්මන්ගේ පොත නේ.” “ඔව් සර්.”“ඒක පරණ පොතක් නේ ඇයි දැන් ඒක කියවන්නේ අලුත් එකක් කියවන්න එපැයි”

“නෑ සර්. මට හිතුනා ඒක මේ කාලයේ දේශපාලනයට ගැලපෙනවා කියළා..”“ඒ කියන්නේ පංච තන්ත්‍රයේ තියෙන දේශපාලනය මොකක්ද?”“ඇයි සර්.. පංච තන්ත්‍රය නැත්නම් තන්ත්‍ර පංචකය කියන්නේ රට පාලනය කරන්ඩ පුලුවන් පාලන ක්‍රම පහක් ගැන නේ”“ඒ කියන්නේ..”

“ඒ කියන්නේ සර් රටක පාලනය කරන්න පුලුවන් ක්‍රම පහක් තියෙනවා. සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරන කියළා. ““මුල් ටික නං තේරුනා මොකක්ද? ලබ්ධිකරණය කියන්නේ.?”

“සර් ලබ්ධිකරණය කියන්නේ ආගම මගින් පාලනය කිරීම සමහරු රට පාලනය කරනවා සාමයෙන්. එහෙම නැත්නම් දානයෙන් එහෙමත් නැත්නම් බේද කිරීමෙන් එහෙමත් බැරිනම් දඩුවම් කිරීමෙන්.. එහෙමත් නැත්නම් ආගම යොදා ගන්නවා”

“අම්මට හුඩු.ඒක නම් මරු. යකෝ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ඔය පාලන ක්‍රම පහම තිබුන නේ පුතෝ උඹ මට අද කියලා දුන්න කතාව මරු මං මීලඟ දේශනයක දී ඕක ගැන කියනවා මං යනවා” කියු කාලෝ නික්ම ගියහ.පසු දිනෙක පාලිත මහීපාල මහතා හමුවු විට මම ඒ සිද්ධිය ඔහුට පැවසීමි

“ප්‍රොෆෙසර් කාලෝ ඔය ගැන නොදන්නවා නොවෙයි ඒත් හැම වෙලාවේම තමන් දන්නේ නෑ වගේ අහගෙන ඉඳලා අගය කරනවා තමන් දන්න බව පෙන්නුවොත් එතැනින් එහාට කතාවක් නෑනේ අනික එයා කවදාවත් තමන්ගේ බහුශ්‍රැතභාවය පෙන්වන්නේ නැහැ ඒ තමයි ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි.”ඒ තමයි ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි එහෙත් ඔහු කව්දැයි අපි කිසිවෙක් හඳුනාගෙන සිටියේ ද නැත. මරණය කියන්නේ මොළය මිය යාමයි.

ඔහු දැන් නික්ම ගොසිනි බරපතල හේතුවාදියෙක් වු ප්‍රොෆෙසර් කාලෝ නිවන හෝ ස්වර්ගය විශ්වාසය කළේ නැත “මේ ශරීරය මැරෙනවා .. මරණය කියන්නේ මොකක්ද.? මරණය කියන්නේ මොළය මිය යාමයි.. සමහරු හදවතට සළකන තරම් මොළයට සළකන්නේ නැහැ.

ඒ හන්දා තමයි මිනිස්සු මොළය ඇති මිනිස්සුන්ට වඩා හදවතට කතා කරන මිනිස්සුන්ට සමීප වෙන්නේ.. ඒත් මිනිස් සිරුරේ ආශ්චර්යතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මරණය කියන්නේ මොළය මියයාමයි. ඉන් එහාට වෙනත් දෙයක් නෑ.” ඒ ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි යි. – ධර්ම වන්නිනායක

ඒ අනුව මා හට පවරණ ලද වගකීම වුයේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාත්, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහතාත් සමග සම්මුඛ සාකච්ඡා පවත්වා ඔවුන් එම කාම සඟරා සම්බන්ධයෙන් පළ කරන අදහස් විමසීමත්ය.

පළමුව මම මහාචාර්ය මහේන්ද්‍රයන් හමුවු අතර එහිදී ඔහු කියා සිටියේ එවැනි සඟරා අතීතයේත් තිබු බවත්, එමගින් කිසියම් සමාජ මෙහෙවරක් සිදුවන බවත් ය. අවසන් වශයෙන් ඔහු කියා සිටියේ ද්වජභංගය, නෂ්ඨකාමය වැනි රෝගවලින් පෙළෙන්නන්හට ලිංගික කටයුතු සඳහා පොළඹවා ලීමක් මෙවැනි සඟරාවන් මගින් සිදුවිය හැකි බවයි.

අනතුරුව මම කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ගොස් මහාචාර්ය කාලෝ හමුවී සම්මුඛ සාකච්ඡාවක් ලබා ගතිමි.“ඔයා වෙන කා එක්කද මේ ගැන කථා කළේ.“මම මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් එක්ක කතා කළා සර්.” මම කීවෙමි.

“මිනිහා මොකද කියන්නේ”“සර්. එයා කියන්නේ මේ සඟරා වලින් යම් සමාජ මෙහෙවරක් වෙනවා කියළයි.. විශේෂයෙන් නෂ්ඨකාමය, ද්වජභංගය වැනි රෝගවලින් පෙළෙන රෝගීන්ගේ අඩාල වු පවුල් සංස්ථා මෙවැනි සඟරා කියැවීම තුළින් යථා තත්ත්වයට පත්වන බව.”

“මිනිහා එහෙම කිව්ව ද? කියමින් මා දෙස බැලු මහාචාර්ය කාලෝ “ඔය ළමයා කසාද බැඳලද”?“නෑ.. සර් මම තාම ඉගෙන ගන්නවා.”මේ වනවිට මහාචාර්ය කාලෝගෙන් යම් යම් දේවල් අසා දැනගැනීම සඳහා වෛද්‍ය සිසු සිසුවියන් පහලොස් දෙනෙක් පමණ අප සිටි තැනට රොක්ව සිටියේය. “ඔයා.. මං කියන දේ ලියන්ඩ ඕනෑ.. කැපුවොත් මං එනවා දෙසතිය කර්තෘ හමුබ වෙන්ඩ හරිද?” “හොඳයි සර්”

“ඇයි යකෝ මොකක්ද ද්වජභංගය කියන්නේ මොකක්ද නෂ්ඨ කාමය කියන්නේ ද්වජභංගය කියන්නේ කොඩිය පහත වැටීම කියන එකනේ පණ පිටින් ඉන්න ගෑනියෙකුගේ අවයවේ දැකළා කෙළින් වෙන්නේ නැති එකෙකුට සඟරාවක් කියවළා කෙළින් වෙයිද..?”

මගේ ඇඟ ගැහෙන්නට විය ගමේ සිට පැමිණි ගැමියෙකු වු මා හට මේ මහාචාර්යවරයා කිසිදු පැකිලීමකින් තොරව කියන කතාව සිතාගන්නටවත් නොහැකිය

“අනික මොකක්ද කුනුහරුප කියන්නේ… ගෑනු මිනිස්සු සංසර්ගයේ යෙදෙන එක කුනුහරුපයක්ද? එහෙම නම් මේ ලෝකේ ඉන්න ජීවින් සියලු දෙනාම කුනුහරුපයක ප්‍රතිපලයක් ද? එහෙම නම් ඒක හොඳයිනේ.. කුනුහරුප වැඩේ නිසා කොච්චර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ලෝකෙට බිහිවෙලා තියෙනවාද..? ඇයි ඔය සඟරාවලට ඔච්චර බය පුතා කුනුහරුප කියන්නේ මාධ්‍යම පන්තික බොල් හරයක් විතරයි

අනික ගෑනු මිනිස්සු සංසර්ගයේ යෙදෙන කොට කියන්නේ පිරිත් ද.? එතකොට කියන්නේ කුනුහරුප තමයි. පිරිත් කිය කියා සංසර්ගයේ යෙදෙන්න පුලුවන්ද? එතකොට ඒක ෆීල් වෙනවද.? දැං ඇති උඹ පළයං මට තවත් කුනුහරුප කියවෙයි”

ඒ මහාචාර්ය කාලෝ ගේ හැටිය. ඉන් අනතුරුව එතුමා මට හමුවන්නේ මා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කරමින් සිටින විටය. දිනක් රාගම රෝහලේ සිට එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා සහ මහාචාර්ය කාලෝ සමග එකම වාහනයේ කොළඹ දෙසට එමින් සිටියෙමි.

“මහී මට දැන් සමහර දේවල් අමතක වෙනවා වාගේ දැනෙනවා මට හිතෙනවා මං වයසට ගිහින් කියළා” “ඒක සාමාන්‍ය දෙයක් නේ සර්” “මහී උඹ ලඟදී පොත් එහෙම කියෙව්වේ නැද්ද?”

“මම අබ්දුල් කළාම් මහත්තයා ගේ චරිත කතාව කියෙව්වා සර්ට බැරි වුනාද අබ්දුල් කළාම් මහත්තයාගේ චරිත කතාව කියවන්න” “ම් ම් මට මතක නෑ” කියමින් ටික වේලාවක් නිහඬව සිටි කාලෝ එක හුස්මට මතකයෙන් ඉංග්‍රිසි භාෂාවෙන් විනාඩි පහක් පමණ කියවා ගෙන කියවා ගෙන ගියේය

“ඒක තියෙන්නේ මහී අබ්දුල් කළාම් චරිතාපදානයේ ද..”? “ඔව් නේ සර් සර් ට ඒකේ ප්‍රස්ථාවනාව කටපාඩම් නේ” “ඔව් මහී ඒත් මං දැනගෙන හිටියේ නෑ ඒක ඒ පොතේ කොටසක් කියළා…” යි කී කාලෝ සිනාසුනේය.

“අනික මහී.. දැන් අපි අවුරුදු 75කට වැඩි කාලයක් අපේ Free Healthcare system එක ක්‍රියාත්මක කරලා තියෙනවා.. ඒත් අපි ලබාගෙන තියෙන ප්‍රගතිය මොකක්ද? ඉස්පිරිතාල පිරිලා ලෙඩ්ඩු රටේ ඉන්නේ ඔක්කොම ලෙඩ්ඩු ද කියළා හිතෙනවා”

“ඇයි සර් එහෙම කියන්නේ.. අපේ Vaccination Programme එක හින්දා මිනිස්සුන්ගේ Life Expectancy Rate එක ඉහළ ගියා අනික තමයි අපි මේ වෙන කොට Communicable diseases ගණනාවක් Eradicate කරන්ඩ පුලුවන් වුනා ඒවා නිදහස් සෞඛ්‍ය ක්‍රමයේ ප්‍රතිපලනේ”

“මහී ඔයා හිතන්නේ අපේ සමස්ත ආයු අපේක්ෂාව ඉහළ ගියේ Health System හොඳකම හන්දා කියළද?” “ඒක නේ සර්.” “නෑ මං හිතන්නේ දුප්පත්කම හින්දා කියළා.” “දුප්පත්කම හින්දා කොහොමද සර් ආයුෂ වැඩිවෙන්නේ..”

“මහී.. අපේ රටේ තියෙන්නේ රෝග වර්ග තුනයි. එකක් හැදෙන ලෙඩ.. අනික හදාගන්න ලෙඩ.. අනික දාගන්න ලෙඩ.. ඔය කැස්ස , හෙම්බිරිස්සාව, උණ වාගේ ඒවා හැදෙන ලෙඩ.. පාචනය, දියවැඩියාව, පිලිකා වාගේ රෝග හදාගන්න ලෙඩ. දාගන්න ලෙඩ තමයි ඒඩ්ස්, ගොනෝරියා , සෙපිලිස් වාගේ ඒවා
එතකොට අද රටේ වැඩිපුර මිනිස්සු මැරෙන්නේ හෘද රෝග, ශ්වාසනාල පද්ධතිය ආශ්‍රිත රෝගවලින්.

දියවැඩියාව පිලිකා වාගේ රෝගවලින් වැඩිපුරම මැරෙන්නේ කට හින්දා නොගැලපෙන ආහාර නොගැලපෙන විදියට කන හින්දා එහෙම බලන කොට දුප්පත් මිනිහාට උදේ, දවල්, රෑට හැර වෙන අතරමැදි වෙලාවල් වල කන්ඩ ලැබෙන්නේ නෑ.. අනික ඔය ලෙඩ හදන කෑම දුප්පත් මිනිස්සුන්ට නෑ ඒ හින්දා අපේ ආයුෂ වැඩි වුනේ දුප්පත්කම හින්දා කියළයි මං හිතන්නේ”

මහාචාර්ය කාලෝ සෑම විටම සිතන්නේ අනිත් අය හිතන විදියට නොවේ.. එතුමා සතුව තිබු මහා බුද්ධිමය හැකියාව අපේ රටේ කිසිදු රජයක් තේරුම් ගත්තේ නැත. ඉන්දියාව අබ්දුල් කළාම් වැනි ප්‍රාඥයෙක් රටේ ඉහළම තනතුර සඳහා තෝරා ගනිද්දි, අපේ රටේ මිනිස්සු මහාචාර්ය කාලෝ වැනි බුද්ධිමතුන් දෙකේ කොළයට දා සැළකීය. ගොම වැරටි මතුවී තිරිවානා ගල් යට යන යුගයක මහාචාර්ය කාලෝ වැනි ප්‍රාඥයෙකුගේ වැදගත්කම රටේ කිසිවෙක් තේරුම් ගත්තේද නැත.

මහාචාර්ය කාලෝ මට අන්තිමට හමුවුයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දීය මම දුටු වහාම “මම ඔය ළමයා දැකළා තියෙනවා ඔය ළමයා කව්ද ”?

“සර් මම නේ” මම කීවෙමි“ආ ඔව් දැන් මතක් වුනා මට අර පඩිපේළිය නගින්ඩ බෑ.ඒ හන්දා මං ආපහු යනවා. මම ආවේ අහවල් කෙනා මුනගැහෙන්ඩ.මිනිහා මොකක්ද සාකච්ඡාවකලු… මට බෑ ඒ මනුස්සයා එනකල් ඉන්ඩ මං යනවා”

“සර් සර් ලඟක දී පොත් එහෙම කියෙව්වේ නැද්ද.?” “ඔය ළමයා කියෙව්වද?” “ඔව් සර් මං ලගදි දහවෙනි වතාවටත් පංචතන්ත්‍රය කියෙව්වා.” “පංචතන්ත්‍රය කියන්නේ විශ්නු ශර්මන්ගේ පොත නේ.” “ඔව් සර්.”“ඒක පරණ පොතක් නේ ඇයි දැන් ඒක කියවන්නේ අලුත් එකක් කියවන්න එපැයි…”

“නෑ සර්. මට හිතුනා ඒක මේ කාලයේ දේශපාලනයට ගැලපෙනවා කියළා..”“ඒ කියන්නේ පංච තන්ත්‍රයේ තියෙන දේශපාලනය මොකක්ද?”“ඇයි සර්.. පංච තන්ත්‍රය නැත්නම් තන්ත්‍ර පංචකය කියන්නේ රට පාලනය කරන්ඩ පුලුවන් පාලන ක්‍රම පහක් ගැන නේ ”“ඒ කියන්නේ..”

“ඒ කියන්නේ සර් රටක පාලනය කරන්න පුලුවන් ක්‍රම පහක් තියෙනවා. සාම, දාන, දණ්ඩි, භේද, ලබ්ධිකරන කියළා. ““මුල් ටික නං තේරුනා මොකක්ද? ලබ්ධිකරණය කියන්නේ.?”

“සර් ලබ්ධිකරණය කියන්නේ ආගම මගින් පාලනය කිරීම සමහරු රට පාලනය කරනවා සාමයෙන්. එහෙම නැත්නම් දානයෙන් එහෙමත් නැත්නම් බේද කිරීමෙන් එහෙමත් බැරිනම් දඩුවම් කිරීමෙන් එහෙමත් නැත්නම් ආගම යොදා ගන්නවා”

“අම්මට හුඩු.ඒක නම් මරු. යකෝ මහින්ද රාජපක්ෂගේ පාලනයේ ඔය පාලන ක්‍රම පහම තිබුන නේ පුතෝ උඹ මට අද කියලා දුන්න කතාව මරු මං මීලඟ දේශනයක දී ඕක ගැන කියනවා මං යනවා” කියු කාලෝ නික්ම ගියහ.පසු දිනෙක පාලිත මහීපාල මහතා හමුවු විට මම ඒ සිද්ධිය ඔහුට පැවසීමි

“ප්‍රොෆෙසර් කාලෝ ඔය ගැන නොදන්නවා නොවෙයි ඒත් හැම වෙලාවේම තමන් දන්නේ නෑ වගේ අහගෙන ඉඳලා අගය කරනවා තමන් දන්න බව පෙන්නුවොත් එතැනින් එහාට කතාවක් නෑනේ අනික එයා කවදාවත් තමන්ගේ බහුශ්‍රැතභාවය පෙන්වන්නේ නැහැ ඒ තමයි ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි.”ඒ තමයි ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි එහෙත් ඔහු කව්දැයි අපි කිසිවෙක් හඳුනාගෙන සිටියේ ද නැත. මරණය කියන්නේ මොළය මිය යාමයි.

ඔහු දැන් නික්ම ගොසිනි බරපතල හේතුවාදියෙක් වු ප්‍රොෆෙසර් කාලෝ නිවන හෝ ස්වර්ගය විශ්වාසය කළේ නැත “මේ ශරීරය මැරෙනවා මරණය කියන්නේ මොකක්ද? මරණය කියන්නේ මොළය මිය යාමයි.. සමහරු හදවතට සළකන තරම් මොළයට සළකන්නේ නැහැ.

ඒ හන්දා තමයි මිනිස්සු මොළය ඇති මිනිස්සුන්ට වඩා හදවතට කතා කරන මිනිස්සුන්ට සමීප වෙන්නේ ඒත් මිනිස් සිරුරේ ආශ්චර්යතම ඉන්ද්‍රිය වන්නේ මොළයයි. මරණය කියන්නේ මොළය මියයාමයි. ඉන් එහාට වෙනත් දෙයක් නෑ.” ඒ ප්‍රොෆෙසර් කාලෝ ගේ හැටි යි. – ධර්ම වන්නිනායක

About article14

Check Also

කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර මුදල් නැවත ඉල්ලා වර්ජකයන්ට ගුටි පුජාවකට ජනතාව සැරසෙයි

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්වයක් මතුවී තිබෙනවා. දුම්රිය මගීන් විසින් ප්‍රවේශ පත්‍ර හා වාර ප්‍රවේශ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!