Breaking News
Home / දේශීය පුවත් / අමල්ගේ නිවසින් හිස් කොකේන් කොපු දෙකක් හමුවෙයි සොහාන් අත්අඩංගුවට රයන්ගේ නිවසින් රහස් කුහරයක් සහිත බැගයක් සහ ඩිජිටල් තරාදියක් හමුවෙයි

අමල්ගේ නිවසින් හිස් කොකේන් කොපු දෙකක් හමුවෙයි සොහාන් අත්අඩංගුවට රයන්ගේ නිවසින් රහස් කුහරයක් සහිත බැගයක් සහ ඩිජිටල් තරාදියක් හමුවෙයි

ගායන ශිල්පි අමල් පෙරේරාගේ මහරගම ප්‍රදේශයේ පිහිටි නිවස සහ රංගන ශිල්පි රයන් වෑන් රොයෙන් ගේ දෙහිවල පිහිටි නිවස මීට සූලු මොහාතකට පෙර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් පරීක්ෂාවකට ලක්කොට තිබෙනවා.එහිදී අමල් පෙරේරාගේ නිවසේ තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන ඇති අතර, රයන් වෑන්ගේ නිවසේ තිබී රහස් කුහරයක් ඇති ගමන් මල්ලක් හා කුඩා ඩිජිටල් තරාදියක් හමුව තිබෙනවා.

පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් රයන් වෑන්ගේ සහෝදරයා සහ අමල් පෙරේරාගේ සොහොයුරා වන සොහාන් පෙරේරාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් ඩුබායිහිදි පැවත්වූ සාදයකට අමල් පෙරේරා සහ රයන් වෑන්ද සහභාගී වී තිබුනා.

රයන් නැතිනම් ලයනල් සදුන්ගේ දියණිය සහ බිරිද මාධ්‍යට උදැසන අදහස් දක්වා තිබු අතර ඔවුන් පැවසුවේ රයන් ආරාධනා වලට විදෙස් ගතවන අතර ඔවුන් කවුදැයි සොයා නොබලන බවයි. අත්අඩංගුවට ගත් බව දැනගත්තේ මාධයෙන් බවත් ඔහු මේවාට සම්බන්ධ නැති බවයි. එසේම ඔවුන් කුලී නිවසක සිටින බවත් එම නිවාස දැන් අයිතිකරු විසින් ඉල්ලා ඇති බවත් කුඩුකාරයන් බවට අවට පිරිස් තමන්ටද අපහස කරන අතර මේ වන විට ජීවත්වීම පවා අපහසු වී ඇති බවයි එම බිරිද සහ දියණිය පැවසුවේ.

එසේම අමල්ගේ සොයුරා සොහාන් මාධ්‍යට දහවල් පවසා තිබුනේ ගේ හොයා හොයා ගොය අතර කතා කර නිවසට ගත් අතර මිතුරන් කීපදෙනෙක්ද තමන් සමග සිටි අතර විශේෂ කාර්ය බලකාය හා සිවිල් පුද්ගලයින් ගේ පරික්ෂා කල බවයි. ඒ වන විට ඔහු අත්අඩංගුවට පත්ව තිබුනේ නැ. එම දර්ශනව වල දුටු ආකාරයට නිවස කණපිට පෙරලා තිබු ආකාරය දක්නට ලැබුණි.

About article14

Check Also

එස් බි සහ මහින්ද හොර චන්ද දාපු විදිය එස්බීගේ කටින් ප්‍රසිද්දියේ කියපු විදිය

ප්‍රේමදාසගේ කාලයේ එස් බි මහින්ද ද එකතුව එවකට දේශපාලකයන් සමග හොර චන්ද පොදිට දාපු විදිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!