Breaking News
Home / Video / අමරිකාවට කැනඩාවට දැඩි හිම පතනයක්. උෂ්ණත්වය සෘන 38 ටත් බසී. ඉදිරියේදි තවත් මෙය වැඩිවෙයි

අමරිකාවට කැනඩාවට දැඩි හිම පතනයක්. උෂ්ණත්වය සෘන 38 ටත් බසී. ඉදිරියේදි තවත් මෙය වැඩිවෙයි

ඇමරිකා එක්සත් ජනපදයට සහ කැනඩාවට මේ වනවිට අධික ශීතලක් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා.

ඇමරිකාවේ – මිනසෝටා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 38 යි දශම 3 ක් වන අතර, නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ මවුන්ට් වොෂින්ටන්හි උෂ්ණත්වය සෙන්ටි‍්‍රගේඩ් අංශක ඍණ 36 යි දශම 6 ක් ලෙසයි වාර්තා වන්නේ.

කැනඩාවේ ඇතැම් ප්‍රදේශවල මේ වනවිට අගහරුගේ උත්තර ධ‍්‍රැවයටත් වඩා අධික ශීතලක් පවතින බව සදහන්.

ඇමරිකාවේ බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ඇති අතර, පෙන්සිල්වේනියා ප්‍රාන්තයට නත්තල් දා සිට අඩි 5 ක පමණ හිම තට්ටුවක් පතිත වී ඇති බව වාර්තා වනවා.

එමෙන්ම, මේ සති අන්තය වනවිට උත්තර ධ‍්‍රැවය හරහා මහාවිල් කලාපයෙන් හිම කුණාටු පතිත විය හැකි බව ඇමරිකානු කාලගුණ අංශ ප්‍රකාශ කළා.

About article14_2

Check Also

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ හිටපු ජනපති මහින්ද සිඅයිඩියට කට උත්තර දුන් පසු මාධ්‍යට කියයි

මට එහෙම මුකුත් මතකනම් නැ හැබැයි මම රැ 10 ට නිදියන්නේ නැ – හිටපු ජනපති …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!