Breaking News
Home / ප්‍ර‍ධාන පුවත් / අබාන්ස් ආයතනය පටන්ගත් අබාන්ස් නෝනගේ කථාව. පටන් ගත්තේ වොෂින් මැෂින් එකකින්

අබාන්ස් ආයතනය පටන්ගත් අබාන්ස් නෝනගේ කථාව. පටන් ගත්තේ වොෂින් මැෂින් එකකින්

අබාන්ස් පෙස්ටෝන්ජි සම්බවය සහ පවුලේ විකාශය ගැන කිව්වොත්

අපි ඉන්දියාවෙන් පවත එන්නේ. බොම්බේ දැන් මුම්බායි ආශ්‍රිතව අපි හිටියේ. ලේකෙටම අපි 80000 ක් විතර ඉන්නේ. ලංකාවේ 40000 ක් විත ඉන්නවා. තාත්තා සමුද්‍ර ඉංජිනේරුවෙක් එයා ලෝකේ වටේ ගියා. දෙවන ලෝක යුද්ද සමයේ අපට ලංකාවට එන්න ලැබුනේ ඒ නිසා. අපට මෙහෙ පුරවැසි බාවය ලබුනා. මං මෙහෙ එනකොට පොඩියි.

ඉගනගත්තේ මොන අරමුණකින්ද

විශේෂ අරමුණක් තිබ්බේ නැ. කොටහේන යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ පාසල් ගියේ. පාසලෙන් ඉවත් වෙනකොටම විවාහ වෙන්න වුනා. පෙම් සම්බන්දයක් නිසාත් අපේ ආගමේ ජාතියේ පිරිස ඉතා සුළු කොටසක් නිසාත් ඉක්මනින් අකමැත්තෙන් වුනත් විවාහ වුනා.
පවුලේ කවුද තව ඉන්නේ

නංගි මල්ලි තාත්තා අම්මා හිට්යේ. තාත්තා නීති රීති දාලා තිබුනේ. 7 30 වෙනකොට  ගෙදර අවේ නැත්තම් තරහ ගියා. අවංක කම කෙලින් අදහස් ප්‍රකාශ කිරීම වැනි ජිවිතේ වටිනාකම් කියලා දුන්නේ තාත්තා. අම්මා තහංචි නොදැම්මත් තාත්තාගේ ක්‍රමයට ගරු කළා.

විවාහයෙන් පසු ජිවිතේ මොකද වුනේ

ආදර සම්බන්දයක් නිසා බැදීමෙන් වැඩ කලත් එදා ලංකාවේ තිබුනේ කාන්තාව ගේ මුල්ලේ ගෘහනියක් ලෙස ළමයින් බලාගන්නා ක්‍රමයක්. මමත් ඒ ක්‍රමයට හසු වූ නිසා ඉතා අසීරු වුනා. දියුණු රටවල තිබුන තාක්ෂණය මෙහෙ කාන්තාව බාවිත කලේ නැ. ඒ නිසාවෙන්ම තමයි මං තාක්ෂණික උපකරණ හොයන්න ගත්තේ. ඒ කාලේ එංගලන්ත තානාපති කාර්යාලයේ වොෂින් මැෂින් වෙන්දේසි දැම්ම එයින් එකක් මං මිලට ගත්තා.
කොහොමද අබාන්ස් පටන් ගත්තේ

වෙන්දේසියෙන් ගත්ත වොෂින් මැෂිම අලුත්වැඩියා කරන්න වුනා. මං ඒක කරගත්තා. මට හිතුනා ලංකාවේ අලුත්වැඩියා කරන්න තැනකුත් නැති නිසා අපට මේක කරන්න පුළුවන් කියලා. 1968 වෙන්දේසියෙන් ගත්ත වොෂින් මැෂින් හදලා පත්තරේ ඇඩ් දාලා වික්කා. ඒමයි පටන් ගත්තේ.

අබාන්ස් පටන් ගනිද්දී තිබ්බ දුෂ්කරතා මොනාද

පළමු මැෂිම ගත්තේ ගෙදරින් නයට එල්ලගෙන. මහත්තයා ලංකා බැංකුව සමග හිටපු නිසා පසුකාලීනව උදව් ලැබුනා. පොඩි පොඩි ණය අරන් පොඩ්ඩ පොඩ්ඩ බඩු ගෙනාවා. එදා බම්බලපිටියේ පොඩි ස්ථානයක මේවා වික්කා. කුලිය රු 35 යි.

සුබ නැකත් එහෙම බලලද මෙහෙම දියුණු වුනේ

අපෝ නැ. පල්ලියෙන් හොදයි කියන දවස් ගැන තැකීමක් කරා. අද වෙනකොට ශාකා 400 ක් තියනවා. 15000 ක විතර සේවක පිරිසක් ඉන්නවා. දැන් මගේ පුතාලා දෙන්නා සහ දියණිය විදෙස් අධ්‍යාපනයෙන් පසු ව්‍යාපාරය කරන යනවා. මං අදීක්ෂණය කරනවා.  1976 වායුසමන අලුත්වැඩියා කල පළමු සේවකයා අද සේවා අංශයේ ප්‍රධානියා.

තවම තියෙන්නේ ඉතාම ලාබ පොඩි දුරකතනයක් නේද

කෝල් එකක් මැසේජ් එකක් යවපුවම ඇති. මට ඕන ළමයිගේ ළමයි එක්ක ඉදලා සංචාරයේ දී ඉන්න.

සමාජයට දෙන්න තියන ආදර්ශය කුමක්ද

මුදල් හම්බ කිරීම මුලික පරමාර්ථය කරන ව්‍යාපාර අරබන්න එපා. තමන් කැමති දේ කරන්න. මුදල් ලැඛෙන දේ මුලික කරන් ව්‍යාපාරයක් අරබනවාට වඩා තමන් කැමති දේ අලවි කිරීමෙන් මුදල් සෙවීම සාර්ථකයි.

About article14

Check Also

සිරිසේන ජනපති දෙවන විශ්වාස බංගයත් පිලි නොගනී. දෙමල සන්ධානය මුණගැසීමට එන්න කියයි. අපේ ස්ථාවරේ වෙනසක් නැ සම්බන්දන් කියයි

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී විශ්වාසය බංගයක් සම්මත කල වග කතානායක දැනුම් දුන්නත් එය පිළිනොගන්නා බව සිරිසේන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!