Breaking News
Home / දේශීය පුවත් / අපේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න බැරි නිසා චීනෙන් ඉන්දියාවෙන් 25000 ක් ලංකාවේ රැකියාවලට පැමිණෙයි

අපේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න බැරි නිසා චීනෙන් ඉන්දියාවෙන් 25000 ක් ලංකාවේ රැකියාවලට පැමිණෙයි

විදේශීය වෘත්තීකයන් සහ පුහුණු ශ්‍රමිකයන් 25,000 කට වැඩි ප්‍රමාණයකට මෙරට සේවය කිරීම සදහා වීසා බලපත් ලබාදී තිබෙනවා.

කළමනාකරණ තනතුරුවල සිට පුහුණු කම්කරුවන් දක්වා විවිධ ක්ෂේත්‍රවල රැකියා සදහා මෙලෙස මාස 6 සිට වසර දෙකකට වැඩි කාලයක් දක්වා වීසා බලපත් නිකුත් කර ඇති බව සදහන්.

එලෙස දිවයිනේ සේවය සදහා පැමිණ ඇති වෘත්තීකයන් හා ශ්‍රමිකයන් රටවල් රැසකට අයත් වන අතර, වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ චීනයෙන් සහ ඉන්දියාවෙන්.

ඔවුන් ආයෝජන මණ්ඩල ව්‍යාපෘති, මෙන්ම කොළඹ වරාය නගරය සහ මහල් ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපෘති දක්වා විවිධ ක්ෂේත්‍රයන්හි සේවයේ නිරතව සිටිනවා.

 

About article14_2

Check Also

භාතිය සන්තුෂ් උමාරියාගේ ගීතයක් අගමැති මෝදී අගමැති රනිල්ට පෙන්වයි පලුදු වූ සම්බන්ධකම් නැවත ගොඩනැගු හැටි සිරිසේනට කියන්න රනිල් යයි

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය කැඳවා ගෙන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!