Breaking News
Home / දේශීය පුවත් / අපේ ටීම් එකේ පිටිය මැද එකිනෙකාගේ සම්බන්ධය දුර්වලයි – සේරම්

අපේ ටීම් එකේ පිටිය මැද එකිනෙකාගේ සම්බන්ධය දුර්වලයි – සේරම්

ඉන්දිකද සේරම් රූපවාහිනි විශ්ලේෂනයකට සහභාගි වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් එකට එකතුවී පිටිය මැද කථා කරන ආකාරයක් හෝ අසීරු අවස්ථාවක ක්‍රීඩකයින් කිහිප දෙනෙක් එකතුවූ තීරන ගන්නා ආකාරයක් පෙනෙන්නට නොමැති බවයි.

එය මුළු කණ්ඩායමේ පසුබෑමට බලපෑහැකිබව ඔහුගේ අදහසයි. ඕනම කණ්ඩායමක නායකයාට අමතරව ක්‍රිඩකයින් කීපදෙනෙක් තරගය කියවමින් සැලසුම් දෙන බවත් එය අද සිටින කණ්ඩායමේ එතරන් දකින්නට නැති බවත් සේරම් පවසනවා.

මහේල,සංගා, ඩිල්ශාන් සිටින කාලවලිදි ඔවුන් නිතර පන්දුව යවන්නන් සමග කථා කරන අකාරය අප දැක තිබෙනවා. එසේම මලින්ද පුශ්පකුමාරට පාන්ඩයා දැඩි ප්‍රහාරයක් එල්ල කරන විට කිසිදු අයකු ලගට ඇවිත් උපදෙසක් හෝ දිරිමත් කිරීමක් කරනු දුටුවේ නැතයි සේරම් පවසනවා.

කණ්ඩායමක් වූ විට බෙල්ල තියන්න හෝ එකට යායුතුයි කියා අදහසක් අප සමාජයේ සාමාන්‍ය කථාවකි. එකිනෙකා අතර හොද සුහදත්වයක් ඇතත් පිටිය මැද එක රෑනට එකිනෙකාට උදව් කරගනිමින් ආවේගශීලිව තරගයකට අවතීර්ණ නොවීමත් අප කණ්ඩායමේ ශක්තියට හානියක් වී ඇති බවයි අපට පෙනී යන්නේ.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!