Breaking News
Home / ක්‍රිඩා / අපේ අය ගැන පුදුමයක් නැ. ඒත් කෙටිකාලෙකින් වෙනස්වුන එක ගැනනම් පුදුමයි. අකිල ටෙස්ට් වලට දැම්මේ මුරලිගේ තරුණ කාලේ මතක්වෙලා – චන්දික

අපේ අය ගැන පුදුමයක් නැ. ඒත් කෙටිකාලෙකින් වෙනස්වුන එක ගැනනම් පුදුමයි. අකිල ටෙස්ට් වලට දැම්මේ මුරලිගේ තරුණ කාලේ මතක්වෙලා – චන්දික

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ පසුගියදා ඩේලිනිව්ස් සමඟ පැවති විශේෂ හමුවකදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයන් සහ ඔවුන්ගේ හැකියාවන් ගැන විශේෂයෙන් කතා කර ඇත,ඔහු පවසන්නේ බංගලාදේශයේදී ශ්‍රී ලංකාව දැක්වූ දක්ෂතා තමන්ට නම් පුදුමයක් නොවන බවය.

“ඇත්තටම අපේ ක්‍රීඩකයන්ගේ හැකියාවල් ගැනනම් මට පුදුමයක් නෑ,හැබැයි ඔවුන් පෙන්වපු නැගිටීම පොඩි කාලයකදී වීම නිසා පොඩි පුදුමයක් තියනවා,මම බලාපොරොත්තු වුනා බංගලාදේශ කණ්ඩායම එක්දින සහ ටෙස්ට් තරඟවල මීට වැඩිය තරඟයක් අපිට දෙයි කියල,”

පුහුනුකරුවෙකුට ක්‍රීඩාංගනයට ගොස් ක්‍රීඩා කිරීමට නොහැකි නිසා පුහුණුකරුවන් ලබාදෙන සියලු දේ ක්‍රීඩාංගනයට ගොස් ක්‍රියාත්මක කිරීමේ කටයුත්ත ක්‍රීඩකයන්ට පැවරෙන නිසා සාර්ථකත්වයට ක්‍රීඩකයන්ගේ කැපවීම අනිවාර්යයෙන්ම තිබිය යුතු බවද හතුරුසිංහ පවසා ඇත.

ක්‍රීඩකයන් සතු මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා තමා කලේ ක්‍රීඩකයන් සමඟ කතාකර ඔවුන්ට කළහැකි දේ පිළිබඳව ඔවුන්ට වටහා දීමත් ඔවුන් ළඟ ඇති දුර්වලතාවයන් පිළිබඳව ඔවුනට අවබෝධයක් ලබාදීමත් පමණක් බවත් එතුලින් ක්‍රීඩකයන්ට තමා ගැනම හොඳ වැටහීමක් ලැබුන බවත් හතුරුසිංහ මෙම හමුවේදී පවසා ඇත.

බංගලාදේශ සංචාරයේ ඉතා හොඳින් ක්‍රීඩා කල තිසර පෙරේරා සහ කුසල් මෙන්ඩිස් ගේ වෙනස ගැනද හතුරුසිංහ පවසා තිබිණි.”ඇත්තටම කුසල් සහ තිසර කියන්නේ ලංකාව වෙනුවෙන් ලොකු දෙයක් කරන්න පුළුවන් හොඳ අනාගතයක් තියන ක්‍රීඩකයන් දෙන්නෙක්,තිසර ගත්තොත්,ඔහුගේ දවසට ඔහු ගොඩක් වෙලාවට තරඟයේ වීරයා වෙන්න දක්ෂතා පෙන්වල තියනවා,ඒ වගේම තිසර තරඟ වෙනස් කරන ක්‍රීඩකයෙක්,මම ඔහු ගැන එළියේ ඉඳගෙනත් බලාගෙන හිටියේ.

Image result for chandika hathurusingha

මම කලේ තිලාන් ටයි රුමෙෂ්ටයිත් කතා කරලා තිසර ගැන විශේෂ අවධානයක් යොමු කරන එක,තිසර එක්ක අපි කතා කළා ,එයාගෙන් වෙන්න ඕන දේ ගැන අපි කිව්වා,මම හිතන්නේ ඒවත් එක්ක තිසරගේ ලොකු වෙනසක් අපිට බලන්න පුළුවන් වුනා.”

“කුසල් ගත්තොත් පහුගිය කාලේ ටිකක් මානසිකව වැටිලා හිටියේ,අපි කලේ ලකුණු අතර නැති කාලවල් ලෝකයේ හොඳම ක්‍රීඩකයන්ටත් එනවා කියන එක කුසල් ට පෙන්නලා දීල,මානසික ශක්තිය හැදුවා,ඒ වගේම නිදහසේ ක්‍රීඩා කරන්න ඕන තත්වය කුසල්ට හදල දුන්නම ඔහුගේ වැඩ නැවත අපිට බලන්න පුළුවන් වුනා.”

අකිල ධනංජය ගැන සහ ෂෙහාන් මදුශංක ගැනද හතුරුසිංහ කතා කර තිබුන අතර අකිලගේ දැන් පන්දු යැවීම තමාට තරුණ මුරලි මතක් කර දෙන බවද හතුරුසිංහ පවසා ඇත.”ෂෙහාන් ගත්තම මම ඔහුගේ විශේෂ හැකියාවක් දැක්ක,අපි ඔහුට කිව්වේ පුළුවන් දේ කරන්න එතනින් එන ප්‍රතිපලය ගැන ඒ තරම් හිතන්න එපා කියල,ඒ වගේම අකිල ටෙස්ට් තරඟ වලට දැම්මේ නැතුව තිබුනත් මට ඔහුගේ ඇතුලේ හොඳ ටෙස්ට් පන්දු යවන්නෙක් දකින්න පුලුවන් වුනා.

අකිලට හොඳ පිට දඟ පන්දුවක් තියනවා,ඒ වගේම තව පන්දු කීපයක්ම යවන්න පුළුවන්,මට අකිලගේ මේ පන්දුව මුරලි තරුණ කාලේ මතක් කලා,මම කියන්නේ නෑ අකිල හැම තරඟයකම ක්‍රීඩා කරන්න ඕන කියල,දඟ පන්දු යවන්නන්ට සුදුසු ඔහුට ගැලපෙන තණතිලි වලට අකිල දැම්මොත් ඔහුට ලොකු වැඩක් පෙන්වන්න පුළුවන් කියලනම් මට විශ්වාසයි.:”

තමන් ක්‍රීඩකයන් තුල ලොකු වෙනස් කම් කරන්නට නොගියද තමා කල ඇතැම් වෙනස් කම් ක්‍රීඩකයන්ට මෙන්ම කණ්ඩායමටද ලොකු වෙනසක් කල බව හතුරුසිංහ පවසන්නේ තරඟ 9 ක 1 ක කඩුල්ලක් ලබාසිටි දුෂ්මන්ත චමීර වැනි පන්දු යවන්නෙකුට නව පන්දුව ලබාදී පිතිකරුවන් ආක්‍රමණය කරන්නට අවස්තාව ලබා දීමෙන් ඔහු සාර්ථක වුනා මෙන්ම දඟ පන්දු යවන්නන්ට හොඳින් ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුව කිරීමෙන් ඔහුට මෙන්ම කණ්ඩායමටද යහපතක් වූ බව සිහි කරමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියට යාමට තවත් සාදා ගත යුතු දේ ඇති බව පවසන හතුරුසිංහ පවසන්නේ නිරන්තර ක්‍රීඩකයන් අභාදයට ලක්වීම ඉක්මනින් නිවැරදි කරගත යුතු ගැටළුවක් බවය.

sportline

About article14

Check Also

ටෙන්ඩුල්කාර්ට අභියෝග කරමින් කෝලි වයස 30 වන විට 10000 පසු කරයි කොදෙව් නවක ක්‍රීඩකයින් 321 හබාගොස් ඉන්දියානුවන් මව්බිමේ අසරණ කරයි

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දියාව අතර ඊයේ පැවති දෙවන එක්දින තරඟය ජය පරාජයෙන් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!