Breaking News
Home / දේශීය පුවත් / අපි විශ්වාස බංගයක් ගෙනාවේ රනිල් ගෙදර යවන්න නෙවේ ඒත් දැන් ඒක වෙනස් වෙලා වගේ කරන්න දෙයක් නෑ – මහින්ද යාපා

අපි විශ්වාස බංගයක් ගෙනාවේ රනිල් ගෙදර යවන්න නෙවේ ඒත් දැන් ඒක වෙනස් වෙලා වගේ කරන්න දෙයක් නෑ – මහින්ද යාපා

අගමැතිවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ආවේ ඔහු පරාජය කර ගෙදර යැවීමට නොවන බවත් විශ්වාස භංගය ජයග්‍රණය කළ නොහැකි බව දන්නා බවත් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අද (02) මාතරදි පැවති උත්සවයකට එක්වෙමින් මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.

“අගමැතිවරයාට එරෙහිව අපි විශ්වාසභංග යෝජනාව ගෙනාවේ ඔහු පරාජය කරන්නවත් ඔහු ගෙදර යන්නවත් නොවෙයි. අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. අපිට ඕන වුණේ මේකට ඡන්දේ දෙන නොදෙන අය රටට ජනතාවට හෙලි කරන්නයි. හැබැයි වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් කරන්න දෙයක් නැහැ. යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.

පසුගියදා පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කර සක්‍රීය ණය කලමණාකරණ පනත මගින් අගමැතිවරයා තවත් ණය ගන්න අසීමිත ලෙස බලය ලබා ගන්නවා. ඒකෙදී දෝෂයක් සිදුවුවහොත් කලින් වගේ උසාවි යන්න බැහැ. අභියෝග කරන්න බැහැ. කොහොමද අපේ අගමැතිතුමාගේ බුද්ධිය හා මොළය. මේ වගේ මොළයක් තියෙන අගමැතිවරයෙක් කවදාවත් ඉතිහාසයේ බිහි වෙලා නැහැ.

ඉතිං අපි මේකට විශ්වාසභංගයක් ගේන්නේ නැතිව වෙන මොනවා කරන්නද? අපි දන්නවා මේක දිනන්න බැහැ කියලා. නමුත් අපිට පුළුවන් මේකෙන් මේ ගොල්ලෝ රටට හෙලි කරන්න. මේකට ඡන්දේ දෙන මිනිස්සු රටට හෙලි කරන්න. මේකට විරුද්ධව ඡන්දේ දෙන අය රටට හෙලි කරන්න. මේ රටේ ජනතාව දන්නවා මේකෙන් වෙන්නේ මොකද්ද කියලා. මේ අරමුණු හැරෙන්න ඔහු පරාජය කරන්න හරි ගෙදර යවන්න හරි නෙවෙයි. වැඩේ ඒ පැත්තට හැරිලා ගියොත් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි යන විදිය අනුව එහෙමයි පේන්න තියෙන්නේ.” යැයි එහිදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබේ.

මූලාශ්‍ර ලංකාදීප

About lanka

Check Also

පොලිස් බලතල සන්ධානේ මහා ඇමති කෙනෙක් ඉල්ලා තියනවා. දිවයින කියන්නේ උතුරේ අය ඉල්ලුවා කියලා – රනිල් ඉරිදා දිවයින වාර්තා පතුරුගහයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ පිළිබදව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක ඇතැම් පාර්ශව ඒ ගැන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!