Breaking News
Home / ක්‍රිඩා / අපි බේරුනේ අනු නවයෙන්. තව විනාඩි දෙක තුනක් අපි ඉස්සර වුනානම් ඉවරයි මීටර් 50 ඉදිරියේ වෙඩික්කරු පල්ලියට වෙඩි තියනවා දැක්කා – කලිඩ් මෂුඩ්

අපි බේරුනේ අනු නවයෙන්. තව විනාඩි දෙක තුනක් අපි ඉස්සර වුනානම් ඉවරයි මීටර් 50 ඉදිරියේ වෙඩික්කරු පල්ලියට වෙඩි තියනවා දැක්කා – කලිඩ් මෂුඩ්

අද (15) උදැසන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා දේව මෙහෙයට යාමේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලි දෙකකට එල්ල කර ත්‍රස්ත ප්‍රහාරයේදී එක පල්ලියකට යමින් සිටියා. එහිදී කණ්ඩායම කළමනාකරු මෂුඩ් පවසන්නේ ඔවුන්ගේ දිවි බේරුනේ විනාඩි ගණනකින් බවයි.

තවත් විනාඩි 3 ක් 4 ක් ඔවුන් ඉස්සර වූවානම් ඔවුන්ගේ 17 දෙනෙකු මෙම ප්‍රහාරයට අසුවන බවයි. ලින්ටන් දාස් හා නවක ක්‍රීඩකයකු හා පුහුණුකරුවකු ඇරෙන්න සියල්ල බස් රථයෙන් මෙම පල්ලියට පැමිණ තිබෙනවා. ඔවුන් පල්ලියට යාමට සුදානම් වීමේදී පුද්ගලයකු වෙඩි තබන ආකාරයත් මිනිසුන් කීප දෙනෙක් ලේ පෙරමින් එලියට එන වගත් දුටු බවත් කළමනාකරු අත්දැකීම් පවසනවා. එය දුටු විගස ඔවුන් සිටින බසයේම ඔලුව පහත කරගනිමින් සැගවුන බව ඔහු පවසනවා.

මීටර් 50 පමණ දුරකින් ඔහු සිටි බවත් ඔවුන්ව දුටුවානම් අනිවාර්යෙන් බසය ඇතුලට ඇවිත් 17 දෙනාට එකවර වෙඩි තැබීමට ඉඩ තිබු බව ඔහු පවසනවා. කෙසේ වෙතත් ටික වෙලාවකට පසු බසයෙන් බැස සියල්ල ගේට්ටුවකින් පැන විදියක් දිගේ ඉවතට දිව ගොස් ක්‍රීඩාන්ගනයට ගිය බවත් ඔහු පවසනවා.

කෙසේ වෙතත් මේ වන විට නවසිලන්ත බංගලාදේශ සංචාරය අවලංගු කර තිබෙනවා. නමුත් ඔවුන් තවමත් හෝටලයෙන් ඉවත් කර නැ. සියල්ල එක කාමරයක රැදී සිටින බවත් ක්‍රීඩකයින්ට අනතුරක් නැතත් සිද්දිය දුටු නිසා ඇතැමෙක් යම් කම්පනයකට ලක්ව සිටිය හැකි බව මෂුඩ් පවසනවා.

කෙසේ වෙතත් වෙඩි තැබූ පුද්ගලයින් සමාජ ජාලා වල සජීවී මෙම වෙඩි තැබීම විකාශය කර ඇති අතර නවසිලන්ත ජනාධිපතිනිය ඉල්ලා සිටින්නේ මනුෂ්‍යත්වයේ නාමයෙන් එම වීඩියෝව අතින් අත බෙදා නොහරින ලෙසයි. එම වීඩියෝව එතරම් අමානුෂීය එකකි. වෙඩික්කරු එක වරක් වෙඩි තැබූ උදවියට නැවත මිය යන තුරුම වෙඩි තබන දර්ශනද එහි ඇතුලත්.

කුමන ආගමකට ජාතියකට අයත් වුවත් මනුෂ්‍යත්වයට නිගා වන අන්දමේ තුච්ච ප්‍රහාරයක් වන එයින් පසු ලංකාවේ මාධ්‍යවේදියෙක් හා සියල්ලම දන්නවායයි හැසිරෙන දෙරණ මාධ්‍යයෙන් පිම්බු චාපා බණ්ඩාර නැමැත්තා ෆේස්බුක් සටහනක් දමා පවසා ඇත්තේ නවසීලන්තයට හිතේ ඇති ලංකාවට වස කවලා ෆන් එකේ ඉන්න හාහ් යනුවෙන් සමච්චලයක් කර තිබෙනවා.

එවන් අමානුෂීය ප්‍රහාරයක් පිළිබද කිසිදු බේදයකින් තොරව මනුෂ්‍යත්වය ලෝකයේ සැම දෙනාටම මතු වුවත් මෙවන් දේශප්‍රේමී ලෙස හැසිරෙන පුද්ගලයන් ත්‍රස්තවාදයට ලේ වලට කොතරම් ආදරය කරනවාද එවන් සිද්දි කොතරම් සතුටට කාරනයක්දැයි පෙන්වා තිබෙනවා. ඔහුගේ පිලේ නායකන් දශකයක කාලයක් රට කල අතර ඔහුගේ එම වස ප්‍රශ්නය ඔවුන්ට කියා විසදා ගන්නට නොහැකි විනේ ඇයි දැයි අපට නැගෙන ප්‍රශනය වන අතර මෙවැනි සංවේදී තුච්ච ප්‍රහාරයක් ගැන සතුටුවිය හැක්කේ ත්‍රස්තවාදියකුටම පමණකි.

About article14

Check Also

ගෝඨාගේ රක්නාලංකා එකෙන් ගලවලා ටෙන්ඩරේ චම්පිකගේ ආශිර්වාදයෙන් පරණවිතානගේ තල්ලුවෙන් සබරගමු විශ්ව විද්‍යාලේ ආරක්ෂක සේවය ගත් හැටි

සබරගමුව විශ්ව විද්‍යාලය ඇතුලු රජයේ බොහෝ ආයතන වල 2015 ට පෙර දක්නට ලැබුනේ රක්නා ලංකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!