Breaking News
Home / ක්‍රිඩා / ‘අපි ගොඩක් තරග දින්නේ පන්දු යවන්නන් නිසා. ඒක කලේ මුරලි සර්’ හයිද්‍රාබාද් හා නවසිලන්ත කණ්ඩායම් නායක මුරලිට දුන් සහතිකය

‘අපි ගොඩක් තරග දින්නේ පන්දු යවන්නන් නිසා. ඒක කලේ මුරලි සර්’ හයිද්‍රාබාද් හා නවසිලන්ත කණ්ඩායම් නායක මුරලිට දුන් සහතිකය

සන්රයිසස් හයිද්‍රබාද් කියන්නේ IPL ඉතිහාසයේ නවතම කණ්ඩායමක්. Sunrises කියලා කණ්ඩායමක් මුලින්ම ස්ථාපිත වන්නේ IPL ආරම්භ කර වසර 6 කින්. ඒ කියන්නේ 2013 දී. මෙසේ පැමිණෙන Sunrises පිල 2016 දී IPL කුසලානය හිමි කරගන්නවා.

කෙසේ නමුත් ඉන් වසර දෙකකට පසු, එනම් 2018 වසරේ අවසන් මහා තරඟයට Sunrises පිල සුදුසුකම් ලබන්නේ ප්‍රසාද ලකුණු සටහනේ වැඩිම ලකුණු හිමිකරගත් කණ්ඩායම ලෙසින්. කෙසේ නමුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග අවසන් මහා තරඟය ක්‍රීඩා කරන Sunrises පිල වොට්සන් හමුවේ අසරණ වන්නේ තමන්ගේ දෙවන IPL කුසලාන සිහිනය බොඳ කරමින්.

කෙසේ නමුත් සන්රයිසස් පිල සාර්ථකයි. එසේ පවසන්නේ ඩේවිඩ් වෝනර්ට පැනවූ තරඟ තහනම නිසා සන්රයිසස් පිලේ නායකත්වයට හිමිකම් කි කේන් විලියම්සන්ය. මෙවර පැවති IPL තරඟාවලියේ Orange cap හෙවත්, වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කරපු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගන්නේද Sunrises පිලේ නායක විලියම්සන් ය.

කෙසේ නමුත් ඉන්දියානු මාධ්‍යකට වැඩි දුරටත් අදහස් දක්වමින් විලියම්සන් පවසා සිටියේ ” අපි තරඟ වැඩි ප්‍රමාණයක් ජයගත්තේ ලකුණු රැස් කරලා නෙවෙයි, අපේ පන්දු යවන්නන්ගේ දක්ෂතා මත. අපේ පන්දු යවන්නන් දක්ෂ ක්‍රීඩකයන් බව ඇත්ත. නමුත් ඔවුන්ගේ දක්ෂතා ඔප මට්ටම් කරලා අදාලා තරඟ හා තණතිලි වලට ඔචිත ලෙස ඔවුන්ව හදලා ගත්ත ලොකු පුජිත පුහුණුකරුවෙක් අපිට හිටියා. ඒ තමයි Legend මුත්තයියා මුරලිදරන් සර්.

Image result for murali in sunrises ipl

මේ තරඟාවලිය පුරාවටම හැම කණ්ඩායමකටම හිස රදයක් වුන පන්දු යවන්නා තමයි ඇෆ්ගනිස්ථාන දඟ පන්දු යවන රාශිඩ් ඛාන්. රාශිඩ්ට අන්තර්ජාතික තරඟ පුහුණුව තිබ්බත්, ප්‍රිමියර් ලිග් තරඟ වලට ඔහුව හැඩ ගැස්සුවේ මුරලි. මන් හිතනවා මුරලි හිටපු එකෙන් අපේ කණ්ඩායමේ පන්දු යවන්නන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා පමණක් නොව අවසන් මහා තරඟයට අපි සුදුසුකම් ලැබුවේත් ඔහු නිසා. ලබන වසරේත් ඔහුගේ සහය අපේ කණ්ඩායමට ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.” යැයි විලියම්සන් පැවසිය.

Image result for murali in sunrises ipl

දුකට කරුණ නම්, වෙනත් රටවල් වල සිටින ක්‍රීඩකයන් අපේ රටෙන් බිහිවූ ලෝක පුජිත ක්‍රීඩකයකු පිළිබඳව වරනනා කරද්දී සහ විදෙස් රටවල් වලින් ඔහුගේ සහය ගෙන ඔවුන්ගේ කණ්ඩායම් හා ක්‍රීඩකයන් පුහුණු කරන අවස්තාවක අපේ රටේ අපේ සම්පත් ප්‍රයෝජනයට නොගැනීමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම කඩා වැටීම හා ක්‍රීඩකයන්ගේ ශරීර යෝග්‍යතාවය පිළිබඳව බැන වැදීම පසෙක තබා, ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය කුමක්ද සහ, එය ගැනීමට පහසු මග කුමක්ද යන්න අප සොයා බැලිය යුතු නොවේද ?

විදෙස් පුහුණුකරුවන් සඳහා ඩොලර් මිලියන ගණන් ගෙවා මෙරටට ගෙන්වා අප ලද දෙයක් නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඩොලර් මිලියන ගණන් ලාබා ලැබුවත්, එම ලැබ ලබන මුදල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දියුණුව සඳහා වැය කර, මුරලි, සංගා, මහේල වැනි ලෝක පුජිත ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ දැනුම හා පරිණත භාවය අප කණ්ඩායම සමග බෙදාගැනීමට ඔවුන්ව නැඹුරු කිරීමට කටයුතු කරනවා නම් එළඹෙන ලෝක කුසලානය වන විට අපට ශක්තිමත් කණ්ඩායමක් බිහිවනු ඇත.

About article14

Check Also

ගබොඩඅත්තේ හිමිගේ ජම්පරේ ප්‍රශ්නය අද විසදෙයි බොදුබලේ හිමි ඇපමත නිදහස්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇප මත මුදා හාරීමට අද (22) නියෝග කර තිබෙනවා. පසුගියදා ඥාණසාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!