Breaking News
Home / ක්‍රිඩා / අපි අවධානමෙන් අයින්වුනා 2019 පෙරලියක් කරන්න පුළුවන් මේ යන්නේ අමාරුම කාලය

අපි අවධානමෙන් අයින්වුනා 2019 පෙරලියක් කරන්න පුළුවන් මේ යන්නේ අමාරුම කාලය

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරගවලදී සෑම අවස්ථාවකදීම පවා ශ්‍රී ලංකාව විශේෂ දක්ෂතා දක්වා ඇති බවත් එළැඹෙන 2019 ලෝක කුසලාන තරගාවලියේදීත් ශ්‍රී ලංකාව එය සිදු කිරීමට සූදානමින් සිටින බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායක උපුල් තරංග පවසයි.

එංගලන්ත හා කොදෙව් කණ්ඩායම අතර පැවති එක්දින තරගය කොදෙව් කණ්ඩායම පරාජයට පත්වීමත් සමගින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයට සෘජුව සුදුසුකම් ලැබූ අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් තරංග මේ බව පවසා ඇත.

“ මේ වන විට ශ්‍රී ලංකාව අමාරු අවස්ථාවක් පසු කරන්නේ. එය රහසක් නෙමෙයි. නමුත් අප කෙරෙහි විශ්වාසය තබන ප්‍රේක්ෂකයන්ට මම ස්තුති කරන්න ඕන. අයි.සී.සී. තරගවලදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෑම විටම මැජික් දර්ශනය (දක්ෂතා දැක්වූවා) පෙන්වූවා. මම එය නැවත වරක් ඔප්පු කර පෙන්වීමට සූදානම්.
අපිට ලෝක කුසලානයට පැහැදිලි සැලසුමක් තිබෙනවා. අපි එහි හැම පියවරක්ම ළඟා කරගැනීමට මහන්සියෙන් වැඩ කරනවා. අපි ක්‍රීඩා විවේකගාරයේදී කියන්නේ කුඩා ජයග්‍රහණ ලෙකු ජයග්‍රහණ ගෙනෙනවා කියලයි. ඔබට ශ්‍රී ලංකා ක්‍රිකට් අනන්‍යතාව ඉතාමත් ඉක්මනින් දැක ගැනීමට හැකියාවක් ලැබෙයි.” යැයිද පවසා සිටියි.

About article14

Check Also

ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 වන තුරු නැවතත් සදා සොත්ති. නිලවරණයෙන් පසුගිය පාලනයේ සුමතිපාල සමග සිටි ශම්මිද සිල්වා ජයගයි. එළිපිට නැතිව පසුපස සිටින සුමතිපාල කොඩිවිනය

අද පැවති නිලවරණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ශම්මි සිල්වා තේරී පත්වී තිබෙනවා.ඒ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!