Breaking News
Home / දේශීය පුවත් / අපනයනය කල භාණ්ඩ ඇසුරුමක තිබී ප්‍රථම වතාවට සජීවී කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගනී

අපනයනය කල භාණ්ඩ ඇසුරුමක තිබී ප්‍රථම වතාවට සජීවී කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගනී

අපනයන භාණ්ඩ ඇසුරුමක තිබී සජීවී නව කොරෝනා වෛරස සාම්පලයක් හදුනාගැනීමට චීන වසංගත රෝග පාලන මධ්‍යස්ථානය සමත්ව ඇත.

මෙම සුවිශේෂී සොයාගැනීම සිදුකර ඇත්තේ එරට ක්වින්ඩාවෝ නගරයෙන් පසුගිය දින කිහිපයේදී කොවිඩ් ආසාදිතයින් කිහිපදෙනෙකුම හදුනාගැනීමෙන් පසුව සිදුකළ පර්යේෂණයකින් අනතුරුවය.මෙසේ වෛරසය හදුනාගෙන ඇත්තේ ශීත තත්ත්වයෙන් පැවති භාණ්ඩ ඇසුරුමක් මත තිබියදී ය.

බලධාරීන් විශ්වාසය පළකරන්නේ වෛරසය පවතින එම පෘෂ්ඨ ස්පර්ශකිරීමෙන් ඔවුන් මෙසේ රෝගී වන්නට ඇති බවය.භාණ්ඩ ඇසුරුමක් මත තිබී සජීවී නව කොරෝනා වෛරසය සොයාගත් ලොව පළමු අවස්ථාව මෙය බවද චීන සෞඛ්‍ය අංශ පවසයි. – අද දෙරණ

About article14

Check Also

චීනය ඉලක්ක කර ඉන්දියාව ඇමරිකාව යුධ ක්‍රියාන්විතයකට ලංකාව මැදි කිරීමට පොම්පියෝ ආ බව ජවිපෙ හෙළිදරව්වක්

ජවිපෙ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක විවිධ හෙළිකිරීම් කිහිපයක් කල අතර එය පහතින් බලන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!