Breaking News
Home / දේශීය පුවත් / අපට නිශ්ශබ්ධව ගෙදර ඉන්න කියලා ජනතාව ප්‍රතිපල වලින් කිව්වා, නිශ්ශබ්දව වෙන දේ බලන් ඉන්නවා – එජාප නායකයා කියලා

අපට නිශ්ශබ්ධව ගෙදර ඉන්න කියලා ජනතාව ප්‍රතිපල වලින් කිව්වා, නිශ්ශබ්දව වෙන දේ බලන් ඉන්නවා – එජාප නායකයා කියලා

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දවස්වල නිහඬ ඇයි ? බොහෝ දෙනා අසන ප්‍රශ්නයක්. ඔහු මන්ත්‍රීවරක්ව සිටියදී මාර්තු 24 සර්ව පාක්ෂික සමුළුවේ ධිවර හා තේවතු වැනි ග්‍රාමීය ආර්ථික නිරතවන පිරිස් නැවත නැවත පරික්ෂා කිරීමෙන් කොවිඩ් පැතිරීම වලකාගත හැකි මෙන්ම ඇදන් වැඩි කිරීමේ මෙන්ම අනවශ්‍ය රාජ්‍ය සේවකයන්ට නිවාඩු දීම වැනි ආණ්ඩුවට කල යෝජනාව නැවත සමාජ ජාලා වල කතාබහට ලක්වෙමින් ද තිබේ. ඒ මාස 7 ක් ගිය පසු ජනාධිපතිවරයාම එම උපදෙස් නැවත බලධාරීන්ට ලබා දීමත් සමගයි.

එහෙත් අත්දැකීම් බහුල එවන් පුද්ගලයෙක් මේ වන විට දැඩි නිහඬතාවයකින් සිටින්නේ ඇයි දැයි එජාප දේශපාලකයෙක්ම රනිල්ගෙන්ම පසුගියදා මුහුණට ම අසා තිබෙනවා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා දියතලාවේ සංචාරක නිරතවෙමින් සිටින අවස්ථාවකදී.

”අපට නිශ්ශබ්දව ගෙදර ඉන්නා කියා ජනතාව කියලා තිබෙනවා. ඉතිං ඒක නිසා මම නිශ්ශබ්දව සිටමින් පක්ෂයේ තරුණ අයට වගකීම් පැවරුවා. රුවන් දැන් කට්ටිය එකතු කරගෙන පක්ෂය ඉදිරියට ගෙන යනවා..” යි එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පවසා තිබෙනවා. කෙසේනමුත් මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් එජාපය බිම්මට්ටමින් දේශපාලන යම් ක්‍රියාකාරකම් වල නිරත වන බව ආරංචි මාර්ග පවසනවා. එහෙත් රටේ ජනතාවගේ ජනමතයට හිස නමමින් ප්‍රසිද්ධ අදහස් හෝ යෝජනා දැක්වීමක් නැවත කිරීමට ඔහුගේ අදහසක් නැතැයි පැවසෙනවා. මේ බව වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබෙනවා.

About article14

Check Also

නවසිලන්ත සංචාරයට නවසීලන්තයට ගිය පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 දෙනෙක්ට කොරෝනා පොසිටිව් වෙයි

නවසිලන්ත සංචාරයට සහභාගිවන පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් 6 කට කොරෝනා වලදී ඇති බව දැන් ජාත්‍යන්තර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!