Breaking News
Home / ක්‍රිඩා / “අනෙක් අන්තයෙන් විකට් යද්දි මං කොහොමද වේගෙන් ගහන්නේ?” ලෝකයේ හොඳම 9 වන පිතුකරුගේ සැර කථාව

“අනෙක් අන්තයෙන් විකට් යද්දි මං කොහොමද වේගෙන් ගහන්නේ?” ලෝකයේ හොඳම 9 වන පිතුකරුගේ සැර කථාව

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොමැත. නමුත් එක්‌දින කණ්‌ඩායමට පැමිණීමට චන්දිමාල් හොඳ සටනක්‌ ඉදිරියේදී ලබාදෙන බව පවසයි.

‘එක්‌දින කණ්‌ඩායමට එන්න මගේ අඩුපාඩු ටිකක්‌ තියෙනවලු. මම කොහොමත් එක්‌දින තරගවලට කැමැතියි. ඒ නිසා ඉදිරියේදී තවත් මහන්සි වෙලා වැඩ කරනවා. මේක මට හොඳ අභියෝගයක්‌. හොඳට සටන් කරලා මම කණ්‌ඩායමට නැවතත් එනවා’ යෑයි චන්දිමාල් ඒ සම්බන්ධයෙන් පවසයි.

දිනේෂ් චන්දිමාල් එක්‌දින තරග 134 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක 21 ක්‌ සමග මුළු ලකුණු 3288 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 31.92 ක්‌ වන අතර ප්‍රහාරාත්මක වේගය 74.15 කි. නමුත් චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ඇත්තේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය හුවා දක්‌වමිනි. මීට පෙරද චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවීමෙන් පසුව ‘මාධ්‍යය’ විමසූ විට, ‘මම එක පැත්තක ඉන්න වෙලාවෙ අනිත් පැත්තෙන් කඩුලු දැවී යනවා. එතකොට මට ලොකු පහරවල් ගහන්න බැහැ. එවිට ප්‍රහාරාත්මක වේගය අඩුවෙනවා.’ යෑයි පැවසීය.

බොහො ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තමන්ගේ ස්ථාන‍ය වෙනුවෙන් පෞද්ගලික ලකුණු පිළිබදව සිතා කටයුතු කරද්දි දිනේෂ් චන්දිමාල් ප්‍රකටව සිටින්නේ වගකීම් සහගතව කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන ලෙසය, යොවුන් ක්‍රීඩකයෙකු වූ සමයේ වේගවත් ප්‍රවේගකාරී පිතිකරුවෙක් වූ චන්දිමාල් , අත්දැකීම් වලින් පරිපූර්ණ වත්ම කණ්ඩායමේ කඩුලු ආරක්ෂා කරමින් සංයමයෙන් ක්‍රීඩා කරන වගකීම් සහගත ක්‍රීඩකයෙක් බවට පත් විය.

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ගැලවුම්කරුව සිටින දිනේෂ් චන්දිමාල් ICC නවතම ටෙස්ට් ශ්‍රේණීගත කිරීම් වල හොදම පිතිකරුවන් දස දෙනා අතරට පැමිණ තිබීමද විශේෂය.

දිනේෂ් චන්දිමාල් යොවුන් අවදියේ ක්‍රීඩා කළ ඉනිමක් පහතින්

 

About article14

Check Also

අයිඑස් සම්බන්ධකම් ඇති මාබෝලේ පොහොට්ටු සංවිධායක අසුවෙයි

අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බවට තොරතුරු වාර්තා වී ඇති වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!